
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොබෙයිගනේ හාතලව ප්‍රදේශයේ දී වැලි ජාවාරමක් වැටලීමට ගොස් සිටියදී ජාවාරම්කරුවන් විසින් ටිපර් රථයකට යටකර ඝාතනය කරන ලද, පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම නිලධාරියා වීර වික්‍රමාන්විතව කරන ලද රාජකාරිය වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී දිවි පිදීම යන කාරණාව සලකා බලා පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට තීරණය කර තිබෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
එම නිලධාරියා පොලිස් විශේෂ කාර්ය බළකායේ වසර 10 ක කාලයක් සේවය කළ අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිය සාජන් කළාට මරුණු එකාට ඒ ගැන කිසිම හැඟීමක් නැහැ. ඒ පොලිසියේ රාජකාරි කරපු අනිත් නිලධාරීන්ට වැදගත් යුතුකමක් තියෙනවා මේ මැරුණු සහෝදර නිලධාරියා වෙනුවෙන් ඉටු කරන්න. ඔය ටිපර් කාරයාව අල්ලාගෙන ඇවිත් කොහොම හරි කුඩුවෙන් පන්නගෙන අරගෙන ගිහින් ටිපර් එකටම යටකරලා අපායට යවන්න...
මෙයාව වැලි පෙන්නන්න එක්කන් යන්න.
මිනිහෙක් මරන්න. හිරේ යන්න බලාගෙන කිසිම රියැදුරෙක් වැඩකරන්නේ නැහැ. රියදුරන්ට පාරෙදි සිදුකරන අසාධාරණකම් ඕනෑ තරම්. ගුණගරුක පොලිස් සේවයක් නැති රටක බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ දේවල් විතරයි. කොහොමත් ලංකාවේ ඉන්නේ ගෝත්‍රික මත තියෙන පොලීසියක්. අහිංසක තරුණයින්ව අරන් ගිහින් අමුවෙන් කපලා පණපිටින් පුච්චද්දී පොලීසිය හොඳයි. අනේ මෙහෙමත් නූගත් මිනිස්සු...
තම රාජකාරිය ඉටුකිරීමේදී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් ඔබට නිවන්සුව අත්වේවා..!!! මෙම පාපකර්මයට දායකවුණු සියලුම අයට නිසි දඬුවම් ලැබේවා....!!!
කිසිම කෙනෙක් රස්සාවට යන්නේ නැහැ. ආපහු ගෙදර එන්න වෙන්නේ නැහැ. නිශා, ඔබට ඒ අත්දැකීම නොලැබේවා.