විනීතා එම් ගමගේ
සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ ගෙන්වීම සදහා ටෙන්ඩර් කැඳෙව්වත් මාස පහකට ආසන්න කාලයක් තිස්සේ එකී ටෙන්ඩර් ප්රදානය නොකිරීම නිසා ඉදිරියේ දී ඖෂධ හිඟයකට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි ඖෂධ ආනයනකරුවෝ පවසති.
මේ වනවිට ඩොලරයේ වටිනාකම ද ඉහළ යමින් පවතින බැවින් තමන් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර් සදහා ඖෂධ නොගෙන්වීමට කටයුතු කරන බවට හා කලින් ගිවිසගත් මිල ගණන්වලට ඖෂධ ලබා දීමට නොහැකි බවට අමාත්‍යංශය වෙත ලිපි භාර දීමට ද සමහර ඖෂධ ආනයන කරුවන් සූදානමින් සිටින බව ඖෂධ ආනයනකරුවෝ කියති.
මේ වනවිටත් තරමක හිඟයක් පවතින ඉන්සියුලින් වැනි බහුලව අවශ්‍ය වන ඖෂධ මෙන්ම පිළිකා රෝග සදහා වන ඖෂධ ද ජීවිතාරක්ෂක ඖෂධ ද මෙවැනි තත්ත්වයක් යටතේ හිඟයක් ඇති වන බවත් සෞධ්‍ය අමාත්‍යංශයේ ක්ෂණික අවධානය මේ කාරණය වෙත යොමුවිය යුතු බවත් ආනයනකරුවෝ පෙන්වා දෙති.
ඉකුත් දෙසැම්බරයේ සිට මේ දක්වා කැදවූ ඖෂධ ටෙන්ඩර් ප්‍රදාන කටයුතු ඉක්මන් නොකල හොත් මෙසේ ඖෂධ හිඟවීම නොවැලැක්විය හැකි වනු ඇතැයි ද ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් අවදානය යොමුවිය යුතුයි...
මේක ඉතින් ආයේ අමුතු දෙයක්යැ... මෙහෙම ඕනෑකමින්ම පරක්කු කරලා රෝහල් වල බෙහෙත් හිඟ වෙනකොට "ඊනියා හදිසි මිලදී ගැනීම් " යටතේ බෙහෙත් ගේනවා අදාළ උදවියගේ කරල පැහෙනවා . විදුලියේත් වෙන්නේ මේකම නොවැ... සැලැස්මවල් වල කකුලෙන් අදිනවා කරන්නේ නැහැ. සූර්ය බල සැලැස්මවල් දිහා බලන්නේවත් නැහැ විදුලි අර්බුදයක් ආවම (නියග කාල වලදී විශේෂයෙන්) පුද්ගලික අංශයෙන් කළු කඩ ගණනට තාප විදුලිය ගන්නවා වෛද්‍ය සංගම් තියනවා විදුලි ඉංජිනේරු සංගම් තියනවා හ්ම් නැහැ අනේ මෙහෙම රටක්...
පවතින සහ ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන් ගැන සැලකිල්ලට ගත්විට ..., අපගේ ජනයා නිතිපතා ගන්නා බෙහෙත් වර්ග අපේ රටේ නිෂ්පාදනය කිරීම සඳහා පියවර ගත්තනම් හොදයි .. උදාහරණ වශයෙන් ඉන්සියුලින් , ත්ය්රෝක්සින් , අධික රුධිර පීඩන බෙහෙත් , දියවැඩියාව සඳහා දෙන බෙහෙත් යනාදිය ...
දැනටම විශාල ප්‍රශ්නයක් තියෙන්නෙ. බෙහෙත් කොහෙවත් නැහැ. කිසිම pharmacy එකක් phone එකට answer කරන්නෙ නැහැ. metphomine වගේ සුලබව භාවිතා වම බෙහෙත් පවා හිගයි.
රටම වහලා දාලා. ආර්ථිකයක් නැහැයි වගේ හිතලා කටයුතු කරනවා. ඩොලරය කීයට නගීද?
ගමගේ මොනම ෆාමසියක්වත් මේ වෙලාවේ පෝන් ආන්ස්වර් කරන්නේ නැහැ. පැහැදිලි හේතු හින්දා ඔයා කියන විදියට metphomine නෙමේ. metformine කියන්නේ ආකාර දෙකේම දියවැඩියා පාලනයට ගන්න මාහැඟි බෙහෙතක් ඔයාට ඒවා කොච්චර ඕනද ? metformine හිඟයක් දැනට ලංකාවේ නැහැ.