(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල වඳුරඹ මැදකීඹිය ප්‍රදේශයට අද( 19) බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් නිවාස 17 කට පමණ අර්ධ හානි සිදු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ මේජර් ඉන්දික වික්‍රමසිංහ මහතා පවසයි.
මෙම තත්වය හේතුවෙන් පවුල් 20ක පුද්ගලයන් 74 දෙනෙක් විපතට පත්ව තිබේ.වගා හානි තුනක් දවාර්තා වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
විශාල ප්‍රමාණයේ මාර ගස් කීපයක් ද මුලින් උදුරා ගෙන ගොස් වැටී තිබේ.
විපතට පත් වුවන්ට සහන සැලසීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව මේ වන විට කටයුතු යොදා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක එන්න කලින් අපේ කාලගුණ දෙපාර්තුමේන්තුවෙන් අනතුරු ඇඟේවුවේ නැත්ද ? නැත්නම් ඒ ගොල්ලෝ දන්නෙත් නැත්ද ?
ටොනේඩෝ වැනි තත්වයන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පුරෝකථනය කිරීමට අපහසුයි. නමුත් වෙනත් විශාල සුළිකුණාටු තත්වයන් ගැන අනතුරු ඇඟවීමට හැකියාව ඇත.