ඇමෙරිකාවේ ටෙක්සාස්හි අගෝස්තු 4 වැනි දින සිදු වූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ(05) මිය ගොස් ඇතැයි ද, ඒ අනුව ටෙක්සාස් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇතැයි ද, පොලිසිය කියයි.
තුවාල ලැබූ පිරිස බැලීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා යෑමට නියමිත බවද වාර්තා වේ.
එල් පැසෝහි, ටෙක්සාස්වල සහ ඩේටන් නගරයේ ඉරිදා දිනයේ සිදු වූ වෙඩිතැබීම්වලින් 31 දෙනෙකු මිය ගොස් තිබිණි.
ටෙක්සාස්හි වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරු, පැට්‍රික් කෘසියස් නම් 21 හැවිරිදි තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වනතෙක් ඔහුව සිර අඩස්සියේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.
(රොයිටර් ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදීන් අද හැම රටක්ම විනාශ කරනවා. අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට වගකියන්නේ කවුද? කලින් හිටපු රතු ඉන්දියානුවන්ව විනාශ කරලා එංගලන්තෙන් ආපු සුදු අන්තවාදියෝ දැන් ඒ රට ඔවුන්ගේ කරගෙන අහිංසක මෙක්සිකානු සරණාගතයන්ව මරනවා.
ඇමරිකාවේ සියලුම ගෙවල් පරීක්ෂා කරනවා වගේම ආගමික පොත්වල තියෙන්නේ මොනවද කියල සොයා බැලිය යුතුයි
ලංකාවේ හමුදා යොදවා ඇමෙරිකානුවන් ආරක්ෂාවට හා ඇමෙරිකානු ඉඩම් සුහදව බෙදා ගැනීමට ගිවිසුමක් ගහමුද?
ලාංකිකයින් ඇමරිකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකාවේ රජය නිවේදනයක් නිකුත් කළ යුතුයි.
ඇමෙරිකා යන අය ප්‍රවේසම්වන්න.. ලංකාවෙන් ඇමෙරිකා යන අයට අවවාද කරන්න.
එතකොට , මෙගොල්ලොන්ගේ රටට යන සංචාරකයන්ට තහංචි නැද්ද ?? දැන ගැනීම පිණිසයි ...