(යොහාන් භාසුර)
ඉන්ධන ලබාගැනීම සඳහා මීට පෙර දුන් සියලුම ‘ටෝකන්’ අවලංගු බවත් අනිද්දා (21) සිට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පැවසීය.
කොළඹදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ක්‍රමය සාර්ථකවීමට නම් ඕනෑම ඉන්ධන හලකින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් තිබිය යුතුයි. සෑම දිනකම ඉන්ධන හල් රාත්‍රි 10 දක්වා විවෘතව තබාගෙන ඉන්ධන සැපයුවෝත් අධික තදබදය ගහමරා ගැනීම් නැවැත්විය හැකියි...
මම දැකලා තියනවා පෙට්‍රල් ෂෙඩ් ළඟ ලියලා තියනවා ජංගම දුරකථන භාවිතා නොකරන ලෙස... මම හිතන්නේ ඊට හේතුව ඉන්ධන පිරවීමේදී පොම්පය සහ තුණ්ඩය වටා මෙන්ම පෙට්‍රල් බෙදා හැරීමේදී පිරවුම් සහ වාතාශ්‍ර නල අවට තාවකාලිකව පවතින පුපුරන සුළු වායුගෝලයේ භාවිතය සඳහා ජංගම දුරකථන නිර්මාණය කර සහතික කර නොමැති නිසා.. ඇප් එකෙන් පෙට්‍රල් ෂෙඩ් තුළ කෝඩ් එක ස්කෑන් කරන එක කෙතරම් ප්‍රායෝගිකව අනුමත කළ හැකිද? එය ලංකාවේ නීතිය අනුව ප්‍රායෝගිකව කළ හැකිද? එක්සත් රාජධානියේ සාමාන්‍ය රථවාහන රෙගුලාසි වල 115 වැනි වගන්තිය ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට ජංගම දුරකථනයක් භාවිතා කිරීම නීති විරෝධිය..
කවුද මේ රාජපක්ෂ..?
කාර්ඩ් (Credit/ATM) වලින් ගෙවීම් කරන උපකරණ ඔය තැන්වල දැනටත් භාවිතා වෙනවා ඒවා අවදානම් නැද්ද? හොඳවැඩක් අවුල් කරන්න මොනවා හරි හේතු හොයන්නේ නැතුව දුරකථනය අවදානමකින් තොරව භාවිතා කරන්න ක්‍රමයක් හොයන එක නරකද? රස්සාවට යන්න පෙට්‍රල් ඕනෑ අයයි අමාරුවේ වැටිලා ඉන්නේ.. නැතුව රස්සාවට පෙට්‍රල් ගහන අය නෙවෙයි.
හරිගියොත් හොඳයි. එහෙත් ගැටළුකාරී තැන් කීපයක් තිබේ.. උදාහරණයක් ලෙස ඉන්ධන බවුසර පමාවී පැමිණීමෙන් ඉන්ධන ලබාගැනීම ප්‍රමාද වූවිට කළින් දිනයේ පෝලිමේ හිටපු අය රෑ 12ට පෝලිමෙන් ඉවත්විය යුතුද?
පාකිස්තානේ හිටපු අගමැති නවාස් ශෙරීෆ්ද ලංකාවේ තෙල් ඇමති!!
මේ වැඩේ අසාධාරණයි.. ෆෝන් නැති දුප්පත් මිනිස්සු කොහොමද මේක කරන්නේ..? තෙල් තියෙනවා නම් මිනිස්සුන්ට දෙන්න. ඔය එක එක ක්‍රම ... ඒවා දුප්පත් මිනිහාට කරන ලොකු අසාධාරණයක්...
ගොඩක් අයට රෙජිස්ටර් වීම අපහසුයි. ඒකට කරුණාකර පිළියම් සොයන්න.
කිහිප වරක් උත්සාහ කළත් තාම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න බැහැ. ලිපිනය වැරැදියි කියලා එක සැරයක් කිව්වා. තව සැරයක් චැසි අංකය සහ වාහන අංකය ගැලපෙන්නේ නැහැ කිව්වා. මට වාහන දෙකක් තිබෙනවා. එකක් පෙට්‍රල්, අනිත් එක ඩීසල්. ඉන්ධන දෙවර්ගයම ලබා ගන්නේ කෙසේද?