
( ලක්ෂ්මී ජයකොඩි)
දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් අද (03) මඩකළපුව පොතුවිල් සිට කන්කසන්තුරය පොලිකණ්ඩි දක්වා ආරම්භ කළ පාගමනට සහාය දක්වමින් අඞ්ඩාලචේන ප‍්‍රදේශයේදි මුස්ලීම් දේශපාලඥයින් හා ජනතාව එක් වුහ.
කොරෝනා වෛසරය ආසාදනය වී මිය යන මෙරට මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ ආදාහනයට විරෝධය දන්වමින් හා එම මෘතදේහ භූමිදානයට අවසර ලබාදෙන්නැයි ඉල්ලමින් මෙම විරෝධතා පාගමනට ඔවුහු සහභාගි වුහ.
සමස්ත ලංකා මුස්ලීම් කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් මහතා පෙරේදා නිවේදනයක් නිකුත් කරමින් මුස්ලීම් ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම පාගමනයට සහයෝගය ලබාදෙන ලෙසයි.
මෙම පාගමන අනිද්දා (06) කන්කසන්තුරය පෝලිකණ්ඩි දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ පුතාණෝ නැහැනේ...