
(රන්ජන් කස්තුරි)
රජය මගින් අලුතින් හදුන්වා දුන් බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය හෙවත් ටීඅයිඑන් අංකය අනිවාර්යෙන් ලබාගත යුතු කාලය කල්දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ටීඅයිඑන් අංකය නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම සහ සම්පත් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ද එම ආරංචි මාර්ග කියයි.
බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය වයස 18 ට වැඩි සියලුම පුරවැසියන් ජනවාරි මස 1 වැනිදා සිට අනිවාර්යෙන් ලබාගත යුතු බවට රජය නිවේදනය කර තිබුණ අතර ගැටලු හේතුවෙන් එය අප්‍රේල් මස දක්වා කල්දැමීමට තීරණය කර ඇතැයි ද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
එම කල්දැමීම සිදුකළ ද පුරවැසියන්ට ටීඅයිඑන් අංකය ඉල්ලුම් කිරීමට අප්‍රේල් මස වන තෙක් නොසිට ඕනෑම අවස්ථාවක එය ලබාගත හැකි බව ද එම ආරංචි මාර්ගය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුවෙලා කමිටුවකුත් දැම්මා නම හැමදාටම කල් දාන්න තිබුනා
TIN අංකය ගන්න බල කරන්න එපා. තමන්ගේ ID අංක යොදන්න වෙන සෑම අවස්ථාවකම TIN අංකයත් යොදන ලෙසට කටයුතු කලොත් දුවල පැනල TIN අංකය ගනීවි.
කිසිම සැළසුමක් නැතුව වැඩ කරන්න ගියාම ඔහොම දේවල් වෙනවා කියලා කියන්න පුළුවන් රටේ අවුරුදු 18 ට වැඩි කොපමණ පිරිසක් ඉන්නවද නොසලකා ක්ෂනිකව ටින් අංක ගන්න කිව්වම කොහොමද කරන්නෙ ඕක සාර්ථක වෙන්න අවශ්‍ය නම් ගමෙ නිවසක් පාසා ගොස් 18ට වැඩි අයට අයදුම්පත් ලබාදී සම්පූර්ණ කරවා එකතුකර ගන්න ඕන මේ කරල තියෙන්නෙ නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් සෙවීමක් වගේම වැඩක් කියන්න පුළුවන් ඔය විදියට නම් ඔය වැඩේ 2025 වනතුරුත් අවසන් කරන්න බැහැ
රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධතිවල සැමදා ගැටළු; කාර්ය මණ්‌ඩලවල සැමදා ගැටළු;
නොන්ඩි අස්සයෙක්ද ?
වයස 18 ට වැඩි කිසිදු ආදායමක් හෝ රැකියාවක් නැති අන්ත අසරණ දුගී දුප්පත් තරුණ තරුණියන් කොපමණ සංඛ්‍යාවක් මේ රටේ සිටිනවාද කියා මුලින්ම සොයා බැලිය යුතුයි නේද ? මොලේ නැති උඩඟු උද්ධච්ච දේශපාලුවන් මෙවැනි දේ කෙසේ කරන්නද ? කෙසේ වටහා ගන්නද ? 18 ට වැඩි අයට රැකියා අවස්ථා සලසා, ඔවුන්ගේ ආදායම් මාර්ග දියුණුකොට බදු අය කිරීමට කටයුතු කළේ නම් කොතරම් කාලෝචිතද ? මේ අනුවණ දේශපාලුවන් පන්නා දමා නිවැරදි පාලන තන්ත්‍රයක් ඇති කිරීමට ජනතාවගේ බුද්ධිමත් කතිරය සමත්විය යුතුය.එහෙත්,ඉඟුරු දී මිරිස් ගත්තාක් මෙන් කටයුතු නොකොට නිවැරදි තීන්දු තීරණ ගැනීමට රටේ ජනතාව බුද්ධිමත් විය යුතුය.බලය අල්ලා ගැනීමට වෙර දරන වාචාලයන්ගේ ඉච්චා බස් වලට නොරැවටී සිටිය යුතුය.හොඳින් සිතා බලා නිවැරදි තීන්දු තීරණ පමණක් ගත යුතුය.
ඇයි ඔයාලා මට ටිංපියා කියන්නේ
මරිමෝල් ආණ්ඩුවේ තවත් මරිමෝල් වැඩක්...!! පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු දත්ත පද්ධතියෙන් අරගෙන ස්වයංක්‍රීයව අවුරුදු 18ට වැඩි අයට හැඳුනුම්පත් අංකයම බදු අංකය විදිහට ලබා දුන්නා නම් ඉවරයිනේ. දැන් ඉතින් වැඩක් කරගන්න යනකොට ටින් අංකයකුත් මතක තියාගෙන පලයවුකෝ. අංකම කීයක් මතක තියාගන්නද? ලියා තියාගන්නද? ඇයි හැඳුනුම්පත් අංකය පොදු අංකයක් විදිහට යොදලා භාවිතා කරන්න බැරි... එක එක ආයතන වලින් එක එක ඩේටාබේස් හද හදා ජනතා මුදල් කාබාසිනියා කරනවා. ඔය හැමදේම එක ඩේටාබේස් එකකට අර ගත්තා නම් වියදමත් අඩුයි. වැඩත් සරලයි. කොහෙද එක එකාගේ මල්ල පිරෙන ක්‍රම මිසක් රටට වැඩක් ඇති දේවල් ගැන හිතන්නේ නෑනේ...!
පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් දත්ත ලබාගෙන සෑම අවුරුද්දකම අවු 18 වැඩි වයසට එන අයට ජාතික හැඳුනුම්පත් අංකයට සමගාමීව ගෙදරටම ලිපියක් මඟින් අදාල වයස් සීමාවට පැමීණිම නිසා ආදායම් බදු අංකයක් නිකුත් කරන බව පවසා එම අංකය දැනුම් දුන්නා නම් මේ ප්‍රශ්න මොකුත් නෑ. මේ ක්‍රියාදාමයම පෙන්නුම් කරන්නේ නිලධාරීන්ගේ අලසකම නොහැකියාව සිතීමේ පසුගාමී බව. ජාතික හැඳුනුම්පත් අංකය නිකුත් කළ යුත්තේ උපන්දිනය දාට. උදාහරණයක් වශයෙන් 2024 ජනවාරි 11 ඉපදෙන ළමයාට අංකය 110124-001V. දිනය 11 මාසය 01 අවු 2024 න් 24 පමණක් ගෙන 110124 අංකය අගට 001 යනුවෙන් අදහස් කරන්නේ එම දින උපන් පලවෙනි ලමයා බවයි.V හෝ X සංකේතයෙන් කියවෙන්නේ ගැහැණු හෝ පිරිමි බව. නමුත් එම දිනට උපත් සංඛ්‍යාව 999 ට වැඩිවී 1000 හෝ වැඩි වුවහොත් 110124-1001X හෝ V වශයෙන් යෙදවීමට හැකියි. මෙසේ උපතේදීම ලබාදෙන අංකය මරණය දක්වා නොවෙනස්ව පවත්වාගෙන යා හැකියි. මෙම අංකය ජීවිතයේ අනෙකුත් සෑම අවස්ථාවකදීම රජයේ ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී අදාල කරගත හැකි අතර ඕනෑම කෙනෙකුට මතක තබාගත හැකි කමක් ද ඇත...
ටින් අංකයක් ගැනීමට ශ්‍රී ලංකාවේ යම් රැකියාවක් හෝ ව්‍යාපාරයක් නිශ්චල චංචල දේපල හිම්යන් වැනි වත්කම් රැකියා හිමි අයට පමනක් අනිවාර්‍යය කල යුතුයි. නැතිව එදා වේල හොයගන්න බැරි අන්ත අසරන දුගී අය ටින් එක අරගන හිගමනේ යන්න තමා වෙන්නේ....