(ඔගස්ටින් ප්‍රනාන්දු)
 

වෙන්නප්පුව බටහිර දුම්මලදෙනිය ප්‍රදේශයේ නිවසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ (9) රාත්‍රියේ වෙඩි තබා පලාගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය කියයි.

නිවසේ පදිංචි අයේෂා සමන්මලී ( 45 ) මහත්මිය කර ඇති පැමිණිල්ලක් අනුව නිවසේ සාමාජිකයන් රූපවාහිනිය නරඹමින් සිටියදී වෙඩි හඩක් ඇසුණු බවත් ජනේලවල වීදුරු බිදී ගිය බවත් දන්වා ඇත.

එම අවස්ථාවේදී ම නිවස අසළ නවතා තිබූ සැකකකටයුතු මෝටර් රථයක් පිටව ගොස් ඇත.

ටී 56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම කර ඇතැයිද පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම මධ්‍යම රාත්‍රි 11 ට පමණ සිදුව ඇති අතර කිසිවකුත් හානි සිදුව නැති බවත් පොලිසිය කියයි.

පොලිසිය එම නිවස වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.