(කේ බුද්ධික කුමාරසිරි)
විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සමන් සපුගේ මනෝච් මුතු කුමාර නොහොත් කයිවාරු මුතු නමැත්තාගේ අපරාධ කටයුතු සඳහා සඟවාගෙන සිටි ටී56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් ළඟ තබාගෙන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
අතුරුගිරිය පොලිසියේ අපරාධ නිවාරණ මෙහෙයුම්වල නිරතව සිටි පොලිස් කණ්ඩායමක් විසින් සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් සීයයක ප්‍රමාණයක් හමුවී ඇති අතර ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව සැකකරුට අදාල හෙරොයින් මත්ද්‍රව්‍ය ලැබෙන ස්ථානය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳුම් නියෝගයක් මත සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත මෙම ගිනි අවි උණ්ඩ තොගය සහ තියුණු ආයුධය සොයාගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ටි 56 උණ්ඩ-ආයුධ සමඟ අයෙක් අල්ලයි