(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ඥානසාර හිමියන් ජනාධිපති සමාව මත නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය මඟින් තම මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් හා ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති, අධිකරණ අමාත්‍ය, ජනාධිපති ලේකම්, හිටපු පොලිස්පති, වැඩබලන පොලිස්පති, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සම්බන්ධයෙන් වරදකරු කළ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 19 ක සිර දඬවමක් නියම කර එය වසර 6කින් ගෙවී යන ලෙස සිරදඬුවම් නියම විණි.එලෙස සිර දඬුවම් ගත කරමින් සිටියදී ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමද ඉකුත්දා සිදුවිණි.
එලෙස ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනිවේ.
එබැවින් ජනාධිපතිවරයාගේ මෙම තීරණය මඟින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , අදාළ සියලු නිල ලේඛන අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් පවත්වන ලෙසද ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ උන්දැවයි එදා පල්ලි යවන්න තිබුණේ...
ඔහේගේ මහත්තය මැරුවේ ඥානසාර හිමියන් නොවන බව මතක් කරමි. අනෙක දැන් වයස හරි පිනක් දහමක් කරගෙන ඉන්න.. යන තැනකට මූලික අයිතිවාසිකම් අරන් යන්නේ නැහැ. ඔය විදියට මූලික අයිතිවාසිකම් කඩ වෙනවා නම් මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ ඕන තරම් මූලික අයිතිවාසිකම් කැඩිලා තියෙනවා. NGO සල්ලි ලැබෙන නිසා ඔබ උඩ පනින බව වැටහෙනවා.
කොටින්ට සහ ජාත්‍යන්තරයට රට පාවාදුන්නු එක්නැලිගොඩගේ මෙන්න මේ ගෑනිව අල්ලලා හිරේ දැම්මානම් හරි...
අනේ සංසාරේ... සන්ධ්‍යා දැන් ඔබගේ සැඳෑසමය නේද පිනක් දහමක් කරගන්න... හාමුදුරුවන් වහන්සේගෙන් පලිගැනීම නවත්වා. තව තව නිරයේ දොරටුව විවර නොකරගෙන සුගතියට යෑම සඳහා ඔබේ කාලය කැප කරන්න...
පේනවනේ මෙයාට තියෙන අමාරුව.... මෙයාගේ මහත්තයට මොනතරම් අමාරුවක් තියෙන්න ඇතිද? ඕනේ නැති මගුල්වලට මහන්සි නොවී තමන්ගේ පාඩුවේ ඉන්න බැහැනේ...
මේ කාන්තාවට මොලේ අමාරුවක්ද කොහේද? මේ තරම් කෑගහන්නේ සැමියා කොහේහරි රටක හැංගිලා ඉන්නවා.. එ්ක වහගන්න තමයි මේ දඟලන්නේ... එහෙ ඉඳගෙන මේ රට පටලවන්නේ...
පුදුම වෛරයක් තියෙන්නේ... එහෙම නැත්නම් හොයලා බලන්න ඕනේ මෙයාටත් අර අරාබියෙන් වගේ වෙනත් රටකින් සල්ලි එනවද කියලා මේවා කරනවට... උසාවියට අපහාස කරපු එකට මෙයාට තියෙන අමාරුව නීතිපතිටත් නැහැ. උසාවියට අපහාස කරපු ඇමැතිවරු වගේම, උසාවි වලට ගල්ගහපු, උසාවි ගිනිතියපු අයත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවා.
ඇය ඉල්ලන්නේ ශිෂ්ට ලෙස නීතියේ පිළිසරණයි. එහෙම නැතිව ඇය කරන්නේ බොන්න වතුර ඉල්ලනකොට එදා වෙඩි තැබුවා වගේ අශිෂ්ට දෙයක් නොවෙයි.
ඇයට අයගේ සැමියා දරුවාට පියා නැතිවීමේ වෙච්ච පාඩුව මිලකළ හැකිද? ඒ ගැන කවුද කතා කරන්නේ? ජීවත්වීමේ ආර්ථික දුෂ්කරතා මොනවාද? පාළුව කාන්සිය.. එහෙම හිතෙන්න ඔයාලටත් එහෙම වෙන්න ඕනෑ.. අසරණයා හැමදා දුකේ.. යහ පාලනය බලයට ආවේ මොනවා කියලද? සංසාරේ භවේ දුකා... වැරදි කරුවන්ට පටිසන් දේවි එතෙක් ඉවසමු...
යමෙක් අධිකරණයේ පිහිට පැතීම වරදක්ද? මේ අය කියන්නේ ඇයට අධිකරණයේ පිහිට නොපතා කුමක් කරන්නද? හරිද වැරදිද කියන එක අධිකරණය තීරණය කරාවි. නීතියේ පිහිට පතන එක වරදක් කියලා කිසිවෙක් කියනවා නම්... ඔබ බුද්ධිමත්ද? ඔබ කැමතිදේම අන් අය කළයුතුයි කියා ඔබ සිතනවාද?
තනිවෙච්ච අම්මාටයි, පුතාටයි වෙච්ච පාඩුව කාටත් නොපෙනේ...
විසකුරු සර්පයින් වගේ හැසිරෙන්න එපා. තනිවුනු කාන්තාවකට ඔහොම කියන්න එපා...
අධිකරනෙට අපහස කලා කියලනේ හාමුදුරුවෝ අවුරුදු 6 ට හිරේ දැම්මේ, අධිකරණෙට අපහස කළ ඔය ඕනේ තරම් නිදැල්ලේ ඉන්නේ
පේනවනෙ සිංහල බෞද්ධ අදහස්
සෑහෙන වහල්ලු ප්‍රමානයක් තවම ලිඳ ඇතුලේ. තමන්ගේ ස්වාමියාට, පියාට හෝ සහෝදරයෙකුට මේ දේ වුනානම් ඔහොම ලියයිද ?
ලංකාවේ පුරවැසි වැඩි දෙනා, බමුණුආරච්චි හෝ ඊට සමාන මෙහි වැඩිවශයෙන් පළවුණු අදහස් දරන අය නම්, ලංකාවට මේ අත්ව ඇති විනාශය ගැන පුදුම විය යුතු නෑ. ඉතාම අශිෂ්ටසම්පන්නයි. ලංකාව සමාජීයව ශිෂ්ටසම්පන්න වූ දවසක, මේ අදහස් ඇති මිනිස්සුන් වඳවී යාවි. නැත්නම් ලංකාව රටක් ලෙස අගාධයට යාවි. සියල්ල මැදහත්ව සිතන්නට පුරුදු වන්න! මගේ ප්‍රාර්ථනය එයයි.
ඔච්චර වෛර කරන්න තරම් දෙයක් කරලා තියෙනවද?
වසර 30 ක යුද්ධයකට මැදි වු නු අහිංසක සිවිල් කට්ටිය සියගණනක් ඉන්නවා අනුරාධපුර උඩමළුව ,ගෝනගල , කැබිතිගොල්ලාව, කොළඹ කොටුව , පිළියන්දල, මොරටුව වගේ තැන්වල. ඒ ගොල්ලන්ට තමන්ගේ මනුස්සයා විතරක් නෙවි ළමයා, අම්මා, තාත්තා , නෑදෑයෝ , අසල්වාසියෝ වගේ ඔක්කොම. ඒ අහිංසකයෝ හැමදාම තමන්ගේ දුක උහුලන් ඉන්නවා. ඒගොල්ලන්ට නැතිද තනිකම, ඔව්න් ගරු අධිකරණයට නොයායුතුද?
මේ රටේ යුද්දය නිසා මැරුණ රණවිරුවන්ගේ අසරණ වුන කාන්තාවන් කොපමණ සිටිනවද. එතකොට එයාල දැන් කාගේ නීතියද පතන්න ඕනි.