(නිමන්ති රණසිංහ)
අධිකරණ නියෝග කඩකළැයි කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (04)නියෝග කළේය.
ලංකා බැංකු මාවතේ දී ඉකුත් මැයි 28 වැනි දා පැවති විරෝධතා ව්‍යාපාරයට සහභාගිවෙමින් මංමාවත් පනත උල්ලංඝනය කරමින් මහජන පීඩා ඇති කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කළැයි කොටුව පොලිසිය සැකකාර ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (03) ය.
අදාල උද්ඝෝෂණය සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කරමින් මෙම සැකකරු කටයුතු කර ඇතැයි කොටුව පොලිසිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව අද (04) රාත්‍රියේ දී කොටුව පොලිසිය සැකකරු මහේස්ත්‍රාත්වරයාගේ නිවසට ඉදිරිපත් කළ අතර එහිදී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්. සර්වබලධාරී ස්ටාර්ලින්ට එහෙම කරපු එක වැරැදියි
මහ ජනතාවට මේ මනුස්සයගෙ අගය වැටහෙනව මදි.අයිතීන් වෙනුවෙන් අසාධාරණය වෙනුවෙන් හඬ නගන්න,ක්‍රියාත්මක වෙන්න සමාජයට කියලා දුන්නේ මොහුයි.
ඇතුලෙම ඉන්න දෙන්න. කොටුවෙ Railway station එකේ protest එකේ කියනව ස්ටාලින්ව නිදහස් කරන්නලු. මෙතන protest එකේ ඉන්නව ඊළගට ස්ටාලින්ගෙ තනියට යවන්න තව දෙතුන් දෙනෙකුත්
ගොඩක් හොඳයි... දිගු කාලයක් සිරගත කොට තබන්න.
මොහුව එළියේ තබාගන්න බයයි වගේ...!
ඔයා අපට එපා.
මොහු ආදර්ශමත් ගුරු පියෙක් නොව මැරවර චණ්ඩියෙකි .අපේ කලේ හිටය ගුරුවරු කොතරම් අදර්ශවත්ද? මොහු ගුරු සංගමයෙන් පහ කිරීමට කාලය ඇවිත්.පාසල් දරුවන්ට නරකම ආදර්ශයක්!
මේ රටේ තියෙන මේ අසාධාරණ දේශපාලන ක්රමවේදය කවදාවත් නැති කරන්න බැහැ ..නඩුයි බඩුයි දෙකම උන්ගේ..
බැරිද ජීවිතකාලයටම රිමාන්ඩ් කොරන්න.
මෙයාව දින 12කට ඇතුළට දාලා වැඩක් නැහැ.. ජීවිත කාලයම තියන්න ඕනේ... අහිංසක සිංහල දරුවන්ගේ ඉගෙනීම අවුරුදු දෙකකින් ආපස්සට ගෙනිච්චාට...
පිඩිත පන්තියේ ශ්‍රී ලාංකිකයන් මෙවැනි ජාතිමාමක අරගල කරුවන්ට සදා ණයගැති වියයුතුයි.ඔබ තුමාට නිදුක් නිරෝගී බව සහ දිරිය ශක්තිය ලැබේවා. අරගලයට ජය වේවා...
මෙ වගෙ NGO කරයන්ගෙ බලල් අත්වල්ට මෙහෙම දඩුවම්ල දීල හරි මෙ අනවශ්ය වර්ජන නවතන්න ඔනෙ. මෙ අර්තික අර්බුදය හදුවෙ මෙ වර්ජන කරයො. 2019 ඉදලම එක එක හේතු කියමින් වර්ජන කරල රට වැට්ටුව. අපිට සැකයක් තියෙනව මෙ උදවිය බැසිල්ගෙ කොන්ත්‍රාත් එකක් කරන්වද කියලත් ? එහෙම නැතිනම් අවුරුදු 25 ක සිට පැවතුනු වටුප් ප්‍රශ්නයක් මුල්කරගෙන 2019 දී වර්ජන කරන්නෙ කොහොමද ?
එකම දේ කල එක්කෙනෙක් ඩිරෙක්ටර් අනිත් කෙනා රිමාන්ඩ් කොහොමද නරියගෙ මොලේ
අනේ හොඳ වැඩේ........අර කටු කම්බි සත්කාරයත් ඔය ගමන්ම ලැබුණොත් මරේ මරැ......
ලන්කාවෙ අධිකරණය ගැන. විස්වාස කරන්න පුලුවන්ද? ලන්කාවම හොරකම් කල හොරුන් යන්න දී මිනිමරපු දේස පාලුවෝ නිදහසේ ඉදිද්දි ?
පාර්ලිමේන්තු පරජාතන්ත්‍රවාදී ඒකාධිපති ක්‍රමය යටතේ කොමහරි 9 වෙනිදා පන්න ගන්න.
අගෝස්තු 9ට බයවෙච්චි බයවිල්ලක්...! මිනිස්සු හිරකරලා ප්‍රශ්න විසඳන්න පුළුවන් කාලේ කියලා හිතනවා නම් මිලකළ නොහැකි අනුවණ වැඩක්...
ක්‍රමේ වෙනස් කරන්න පුළුවනි. දැක්කනේ එක්කෙනෙක්ව පන්නපු හැටි. අතරින් පතර සුළු පසුබෑම් ඇතිවෙනවා... නමුත් ධෛර්යය ඇතිනම් නිර්භීතකම ඇතිනම්, වහල්කම නැතිනම්, කම්මැලිව අනිත් අය කරයි කියලා ගෙදරට වෙලා උඩබලාගෙන ඉඳලා නම් බැහැ... මතු පරම්පරාව වෙනුවෙන් පාරට බහින්න ඕනේ... එතකොටයි ක්‍රමේ වෙනස් වෙන්නේ...!
කෝ වෘත්තීය සමිති නායකයෝ එළියට ගත්තාද? ලංකාවේ වෘත්තීය සමිති පීචන් වේගෙන යන්නේ...!
ඉස්සර ලංකා ගුරු සංගමය නිර්පාක්ෂිකව තිබුණා. දැන් පක්ෂයක වලිගෙ එල්ලිලා... ලංකා ගුරු සංගමයේ H.N. ප්‍රනාන්දු වගේ මහත්වරු අහලකටවත් තියන්න බැහැනේ. චණ්ඩි පාර්ට් දාන්නේ...!