(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයකුවූ  ජෝසප්  මයිකල් පෙරේරා මහතාගේ දේහය අවසාන ගෞරවය දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට හෙට (30) පෙරවරු 9.00ට රැගෙන ඒමට නියමිතය.

දේහය අවසාන ගෞරවය දැක්වීම සඳහා පාර්ලිමේන්තුවේ ඉදිරිපස විශේෂ උත්සව ශාලාවේ  පෙරවරු 9.00  සිට 10.00  දක්වා තැන්පත් කෙරෙනු ඇත.

ජෝශප් මයිකල් පෙරේරා මහතා ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ 17 වැනි කතානායකවරයාය. ඔහු කතානායක ධුරයේ 2001 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා කටයුතු කළේය.

ආණ්ඩු රැසක ධීවර හා ජලජ සම්පත්, කම්කරු ඇතුළු කැබිනට් අමාත්‍යධූර හොබවා ඇති පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ලෙසද  කාලයක් කටයුතු කළේය.

ජෝශප් මයිකල් පෙරේරා මහතා ජාඇල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ  ආදි ශිෂ්‍යයෙකි.