(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තු මන්තීවරුනට රුපියල් ලක්ෂ දෙකක ඉන්ධන දීමනාවක් ලබා දීමට ගෙන ඇති තීරණයට අනුව ජනතා විමුක්ති පෙරමුණ එම දීමනාව ලබා නොගැනීමට තීරණය කර ඇත.
රටේ ජනතාව ඉන්ධන නොමැතිව පීඩාවට පත්වී සිටින අවස්ථාවේ මන්ත්‍රීවරුන්ට විශේෂ සහනයක් අවශ්‍ය නොවන බව ජනතා විමුක්ති පෙරමුගේ නායක අරුණ කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුගේ මන්තීවරුන් තිදෙනා මෙම රුපියල් ලක්ෂ දෙකක ඉන්ධන දීමනාව ලබා නොගන්නා බව එම පක්ෂයේ මන්ත්‍රි විජිත හේරත් මහතා පාර්ලිමේන්තු මහ මහලේකම් වෙත ලිඛිතව දන්තවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපය කවදත් වරදානවලට නම්මගන්න පුළුවන් අය නොවෙයි, ඔවුන් හැමදාම හිටියේ ජනතාවගේ පැත්තෙයි..
අපේ රටේ නිවටයින්ට ඕවා පේන්නේ නැහැ... ඇස්, කන් වැහිලා වගේ... තුන් දෙනෙක් ඉඳලත් ඔවුන්ට තියෙන කොන්ද කාටද තියෙන්නේ...?
විපක්ෂයේ ඉඳන් කියන දේවල් අනුව බලමුකෝ අනික් අයගේ හෘද සාක්ෂිය... මේ වෙලාවේ ඉන්ධන දීමනාව ගන්නවට වඩා එම මුදල දුප්පත් ළමයින්ට කිරිපිටි අරන් දෙන්න බැරිද? බලමුකෝ අනිත් අයගේ ප්‍රතිචාර...!
මම කියන්නේ ජවිපෙට ඇමැතිකමක් ගන්න... වැඩ පෙන්වන්න. මිනිස්සු බලාගෙන ඉන්නේ ජවිපෙ පාලනයට එනකල්, ඇමැතිකමක් අරගෙන තමන්ගේ තියෙන හැකියාවෙන් වැඩ පෙන්වන්න. ඉක්මණට රජයක් ගන්න, පුළුවන් ආසන ප්‍රමාණයක් ලැබෙයි. වර්ජන, ගර්ජන නැතිව එහෙම යන්න. අම්පාරේ බුලත් හපයාට රුපියල් 50000ක් යනවලු අම්පාරේ ඉඳල කොළඹට එන්න... ඒ කියනනේ වාහනේ කරන්නේම ලීටරේට කිලෝමීටර් 3ක් විතර...
කොළඹටම වෙලා ඉන්න මෙයාලට තෙල් ඕනෑ නැහැ. පෙළපාලි යන්නේ පයින්නේ...
මේ ක්‍රියාදාමය අනිවාර්යයෙන්ම අගය කරනවා. හැබැයි ප්‍රශ්නය නම් කිසිම රැකියාවක් නොකර, පරම්පරා, දේපල නොමැතිව, පිටරට දේපල තිබීම, දූ දරුවන් පිටරට ගොස් ඉගෙනීම සහ ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලවල දූ දරුවන් ඉගෙනුම ලැබීම... මන්ත්‍රී වැටුපත් පරිත්‍යාග කරලා මේ වියදම් දරන්නේ කොහොමද කියන එක.... මෙයින් අදහස් වෙන්නේ නැහැ ඔවුන්ගේ ළමයින් පිටරට හෝ මෙරට ඉගෙනුම ලැබීම වරදක් කියා... ඒක හොද දෙයක්... හැමෝටම මැණික් මලු ලැබෙන්නේ නැහැනේ... ඒක තමයි හිතාගන්න බැරි...
වැඩිපුරම සල්ලි තියන පක්ෂය තමයි ඕක... හැබැයි සත 5ක් දීලා තියෙනවද රටේ මිනිස්සුන්ට?
ඉන්ධන අර්බුදය හමුවේ ලීටරයකට කිලෝ මීටර් තුන හතරක් ධාවනය වන අධික ලෙස ඉන්ධන දැවෙන V 8 , ප්‍රාඩෝ, බෙන්ස්, අවුඩි වැනි වැනි සුඛෝපභෝගි වාහන ඉවත් කොට ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීන් මෙන් සියලුම ජනතා නියෝජිතයින් සාමාන්‍ය ඩබල් කැබ්රථ භාවිතයට යොමු කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතුයි. මෙමගින් දැනට ලබාදෙන ඉන්ධන දීමනාව ඉතිරි කර ගැනීමට හැකිවනවා නොවේද? බංකොළොත් රටක මැතිඇමැතිවරුන් දියුණු රටවල් අන්දමින් ක්‍රියා නොකළ යුතුයි...
මේ වගේ දේවල්වලින් ඔබව හයිලයිට් වෙනවා. නමුත් එයින් ඔබගේ හැකියාව පෙන්වන්නේ නැහැ...
ලංකාවේ ධනවත්ම ධනපති පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. නමුත් කතාව සමානාත්මතාවය.... සත පහක් දෙන්නේ නෑ. කටින් බතල හිටවන අතින් බතල නොහිටවන අය කොමියුනිස්ට් සමාජවාදීන්. කොරෝනා වසංගතය කාලේ මතක ඇති... මාස ගණන් රට වහලා තිබුණා. මෙයාලගේ පක්ෂ අරමුදලේ තියෙන බිලියන ගණනක් සල්ලි හෙල්ලුවේ නෑ. කන්න බොන්න නැති මිනිස්සු වෙනුවෙන්...
වැඩේ නම් හොදයි, පර්මිට් විකුනල ගත්ත සල්ලි, කැට සල්ලි එහෙමත් ඇතිනෙ.
අන්න මම අහපු පරශ්නයට පිළිතුරු ලැබිලා. මම ඇසුවේ ඉන්දන දීමනාව ගැන ජෙප්පෝ මීක් කිව්වෙ නැහැ නේද කියලා.
ඉස්සෙල්ලම මෙයාලගෙන් විගනනයක් පටන් ගන්න. එතකොට බලාගන්න පුලුවන් මේ සුද්දවන්තයන්ගෙ කෙරුම් සුපිරියටම.
ලක්ශ 2කින් මොනව කරන්නද යකුනේ. රටේ ප්‍රශ්න විසඳලා රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්නෙ නැතුව, සංචාරක කර්මාන්තෙට ඔලුව උස්සන්න දෙන්නෙ නැතුව අරගල කරලා, රටේ ආර්ථිකයට මාසෙට ඩොලර් මිලියන 300ක් (රුපියල් කෝටි 1100ක්) විතර නැති කරලා ලක්ශ 6ක් දුන්න කියල පෙන්නනවා. මේවටත් හුරේ දාන ගොන් හරක් ඉන්නකන් මේ රට ගොඩ ගන්නව බොරු ඉතින්.
It's crystal clear r that an organized or pre-planned section have invaded the comments column ! But we are unshaken. We assert JVP has given us an effective exemplar !
එතකොට මෙච්චර කාලයක් ගත්ත ඒවට මොකද කියන්නේ
Good action. But as to how you attend to your electorate and national work? If you do that with your salary after spending money on fuel it will be negative balance. Are you getting any other payments from sponsors to off set these expenditures? If not please educate others too so that they can follow your actions.
කවුරු උනත් කමක් නැහැ. කැපකිරීම් කරන්න අර්බුධය නැත්නම් තියෙයි හැමදාම. අපි අසරණ වෙලා වෙලදාම කරන්න අතේ මුදල් නෑ.
ඒ සල්ලිත් අරන් උන්ගේ පක්ෂ ගිණුමට බැර කරාවි.
ඇත්තටම රටෙහි ජනතාව මෙි ගැන හොඳින් ඇස් කන් නිවැරදි ව ඇර බැලියයුතු කාලයයි . අනිත් එවුන්ට ( ඇමතිවරුනට සහ මන්ත්‍රී වරැ ) රටෙහි ජනතාව ගැන කිසිම තැකිමක් නැහැ .මන්ත්‍රී ලගෙ බඩ ගෝස්තරේ පුරවා ගන්න තියනවා නම් ඇතයි සිතන කන්ඩායමක් ඉන්නෙ ..මෙවුන්නැහැලා ටික ට හොඳක් නම් වෙන්නෙ නැහැ .ඒකාන්තයෙන් ම මම කියන්නෙමි. අනේ ජනතාව දෙස බලන jvp මන්ත්‍රී තිදෙනා ට මගේ මෙන්ම අන් අය ගෙ උතුමි උපහාර ය.
අනේ මේ අයගේ බොරු ෂෝ. ඔයා ආදර්ශ දෙන්න ඉස්සෙල්ලා ජීවිතේ කිසිම දිනක රැකියාවක් හෝ විධිමත් ව්‍යාපාරයක් නොකර බිමල් රත්නායක නවීනතම සුඛෝපභෝගී BMW රථයක් ගැනීමට මුදල් උපයා ගත්තු විදියත්, විජිත හේරත් ජනාකීර්ණ බොරැල්ල මංසන්ධියේ වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට මුදල් උපයා ගත් හැටිත්, සුනිල් හඳුන්හෙට්ටි විශාල තේ වතු හිමියෙක් වූ හැටිත්, KD ලාල්කාන්ත තම දරුවන් විදේශ පුද්ගලික විශ්ව විද්‍යාල ඉගෙන ගැනීමට වියදම් කිරීමට තරම් ධනවතකු වූ හැටිත් පැහැදිලි කරන්න.
රටේ බදුමුදලින් දෙන තෙල් දීමනාව එපා කිව්වාම ඒකත් වැරැදියි කියන මෝඩ ඡන්ද දායකයෝ ඉන්න රටක් බංකොළොත් වෙන එක පුදුමයක්ද? කරුණාකර හොඳ දේ ධම්මික පෙරේරා කළත්, ජවිපය කළත් හොඳ ලෙස දකින්න පුරුදු වෙන්න, පක්ෂ, පාට කණ්ණාඩිවලින් බලන එක නතර කරන්න..
පාර්ලිමේන්තුවේ ඉන්න අය බලන්නේම ඔවුන්ට මොනවද ලබාගන්න හැකියි කියලා විතරයි. මේ රටම නැතිකරන ඔය කාලකන්නි එළවනතුරු හරියන්නේ නෑ. මේ අවුරුදු පහ ගෙවාගෙන කාර් පර්මිට එකයි, පැන්ෂන් එකයි ගන්නයි දැන් බලන්නේ... ඊට කලින් එලවමු. ජවිපෙ තුන්දෙනාට මගේ ප්‍රණාමය පුදනවා...!
JVP එක තමයි කැබිනට් එකට සුදුසු මොකද ගන්න පඩියෙන් කන්නේ නැතිව ආණ්ඩුවේ ගමේ ඉස්කෝලයේ දරුවන්ට උගන්නන ගුරුවරුන් ස්ට්‍රයික් එකේ ගෙදරට වෙලා පැයට රු 1000/= ක් 2000/= සල්ලි ගෙවන්නට වෘත්තීය අයිතිය රකින ස්ටාලින්ලාට පුද්ගලික පන්තිවලට ගෙවන්න බැරිව ඉන්න දෙමව්පියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල හීනයක්වූ රටකට වටින්නේ JVP එකයි අන්තරෙයි තමයි අන්තරේ 6% ක් නිදහස් අධ්‍යාපනය ඉල්ලලා පාරට Campus කොල්ලො පාරට බස්සලා තියන % ගානත් නැතිවෙද්දි රටේ Campus කොල්ලෝ කෙල්ලෝ පාරට නාකි වෙද්දී පඩිගන්නේ නැතිව දරුවන් රට යවලා උගන්නන හැටි දන්න අනුරයි ලාල්කාන්තයි මුදල් ඇමති අධ්‍යාපනය ඇමති කරන්න. මට ඕන එතකොට පඩි නැතිව රෝල් ගහල දරුවන්ට රට සම්පුස් උගන්නන හැටි රටට උගන්වාවි මිනිස්සු පඩි ඉල්ලල Strike කරන එකක් නැහැ පඩි ඕනෙත් නැහැ හදුන්නෙත්ති වශී ගුරුකම් දන්නවා තමන්ට ඕන බඩු මුට්ටු නොමිලේ JVP ලොක්කන්ට දෙන මිනිස්සු එයා දන්නවා. හදුන්නෙත්ති විදේශ ඇමති කරල ලෝක වටේ යැව්වා නම් ඒ වශී ගුරුකමෙන් අපිට ඇතිවෙන්න රට රටවල නායකයෝ වශී වෙලා රටට ආධාර ඩොලර් ගේනවා මට ෂුවර් 1996 චන්ද්‍රිකා ගෙනල්ලා 2005 මහින්ද ගෙනල්ලා 2015 රනිල් ගෙනල්ලා මේ විනාශයෙන්