IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජීවන්ත පීරිස් පියතුමාට ඇප

(නිමන්ති රණසිංහ)

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා  අද  නියෝග කළේය.

සැකකාර පියතුමාගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හෙට දින (13) ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද ඇප කොන්දේසියක් නියම කළේය.

අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් ජනාධිපති ලේකම් කාර්‍යාලයට ඉකුත් ජූලි මස 09 වෙනිදා අයුතු ලෙස ඇතුල් වී අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන සම්බන්ධයෙන් මෙම පියතුමා සැකකරුවකු ලෙස නම්කර ඇතැයි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි .

ඒ අනුව නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට බාර වූ පියතුමන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ඇප මත මුදා හැරියේය.

සැකකාර පියතුමන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (5)

ජීවන්ත පීරිස් පියතුමාට ඇප

sharm warn Friday, 12 August 2022 05:11 PM

සියලුම මානව හිමිකම් කඩ වෙච්ච ජනතාව අයුතු ජන රාෂියක්ද? එතකොට මේ රටේ මහ ජනතාවට රටේ ජීවත් වෙන්න අයිතියක් නැද්ද? පුදුම චෝනදනාවක් නේ. නීතිඥයෝ මේවට කතා නොකරන්නේ ඇයි?

:       9       5

Bamunuarachchi Friday, 12 August 2022 05:22 PM

මේ ගොයියට ඇප? මගේ තීන්දුව නම් හිටුවාපස් ගහන්න ඕනේ. දැන් හිතා ගන්න පුළුවන් මේ ගොයියෝ වෙනුවෙන් ඉදිරිපත් වෙන ලෝයර්ලා දිහා බැලුවම කොහෙන්ද සල්ලි පොම්ප වෙන්නේ කියලා.

:       9       6

ගමේ එකාලාSaturday, 13 August 2022 02:30 AM

හිටුවා පස්ගහන්ඩ ඕනේ ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් සෞභාග්‍යයේ දැක්ම පෙන්නලා ,රවට්ටපු මුලුමහත් ජනතාවම . මහපාරට ඇදලාදාපු බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවන්ව.

:       0       1

BamunuarachchiSaturday, 13 August 2022 11:31 AM

බලලෝබී නොවන දෙශපාලුවා කව්ද? 1971 සිට බලය ඉල්ලලා 2020 දී 3% වැටුන ජෙප්පෝ තවමත් බලය පස්සේ දුවන්නේ බලලෝබී නැති නිසාද? රාජපක්ෂලා බලය පස්සේ දුවන්නේ රටේ ජනතාව බලය දෙන නිසා.ජෙප්පෝ දුවන්නේ අහවල් බම්බුවකටද? ගේන්න පුලුවන්නම් උත්තර.

:       0       1

Vijitha Friday, 12 August 2022 07:06 PM

නීතිය හොදටම නමලා

:       6       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site