
(අංජුල මහික වීරරත්න)
වර්තමානයේ පවතින ජීවන වියද මිනිස්සුන්ට දරා ගැනීමට අපහසු බව තමා පිළිගන්නේ යැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
යුද ගැටුම් හේතුවෙන් ලොව බොහෝ රටවල ජීවන වියදම ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ හමුවේ ඉදිරියේදී රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
එබැවින් විපක්ෂයේ සහ කුමන්ත්‍රණකරුවන්ගේ බොරු බේගල්වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රසන්න රණතුංග මහතා කීය.
ගම්පහ ඔරුතොට ඇවිදින මංතීරුව ප්‍රතිසංවර්ධනය සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩියා ඇලට වැටිලා එලොව පලච්චී !!!
"යුද ගැටුම් හේතුවෙන් ලොව බොහෝ රටවල ජීවන වියදම ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා කීය" දැන් එතකොට අපේ රටෙත් ජීවන වියදම ඉහළ යාමට හේතුව ඔය කියන යුධ ගැටුම්ද? එහෙම නැතුව කට්ටියම එකතුවෙලා හොරා කාපු එක නෙමෙයිද? අනේ මෙහෙමත් කෙනෙක්..
මේ වගේ අය ගමට වද්දගන්න එපා... කාලකණ්ණින්ට රැවටෙන්නත් එපා...
ජීවන බර අඩු කරන මාර්ගයක් කියහන්කෝ ,නිකන් අපේ බදු සල්ලි වලින් කකා බිබී ඇවිද ඇවිද ඉන්නේ නැතුව
ලංකාවේ ජීවන බර වැඩි 225 ලොක්කෝ සොරාකන නිසා ,අනවශ්‍ය වියදම් නිසා,225 ජනතාවගේ බදු මුදලින් ජීවත් වන නිසා .ඔවුනට කිසිඳු අපහසුතාවයක් නොමැත
කුමන්ත්‍රණකරුවන්ගේ බොරු බේගල්වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරමි...!