(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා ජාතික සභාවේ  සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.

මේ හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු   මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතා  නම් කරනු ලැබ සිටී.

මෙයට අමතරව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාද ජාතික සභාවේ සේවය කිරීම සඳහා නම් කරනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ජාතික සභාව සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු තිස් පස් දෙනෙක් පත් කරනු ලැබ සිටිති.