
(උපුල් හේරත්)
වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ එදිනෙදා වේල සරි කර ගැනීමට නොහැකිව දැඩි අවුවේ ජීවන අරගලයක යෙදෙන පිරිසක් මහ විලච්චියෙන් අපට හමු විය.
මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇලපත්ගම ,අලුත්ගම ,වීරසෝලේ,කුඩා තම්මැන්නාව, නැලපාඩුලිය, යන ගම්මානවල වෙසෙන පවුල් දෙසීයකට අධික ප්‍රමාණයක් මෙම ජීවන අරගලයට මැදිව සිටිති. පිරිමින් මහ ඝන කැලෑව මැද ,ඖෂධ සොයමින් දිවා කාලය ගත කරද්දී, කාන්තාවෝ වැව් පිටිටනිවල කලාඳුරු අල හාරති.
එසේම වන ලැහැබවල වැවී ඇති ඖෂධ ගලවා ,වියළා ,උපයා ගන්නා ලද මුදලින් ඉතාමත්ම දුක සේ දිවි ගෙවන බව එම වැසියෝ මැසිවිලි නගති .
මේ වැව් පිටිවලින් කලාඳුරු ගලවා බෙහෙත් කඩේට විකුණලා කීයක් හරි සොයාගැනීමට ගම්වාසීහු දැඩි අවුවේ කටයුතු කරති.
ඔවුන්ගේ මුවින් පිටවන්නේ මෙවන් අදෝනාවකි. මේ රටේ සිංහලයෝ කියල කිව්වෙ අපේ මී මුත්තන්ට. එහෙත් අද අපි අන්ත අසරණ තත්වයකට පත්වෙලා ඉන්නේ කිරි පිටි වීදුරුවක් බීපු කාලයක් මතක නැතැයි ඔවුහු පවසති.
මේ පුංචි ගම්මාන කීපයේම පවුල් 200 කට වැඩි පිරිසක් ජීවත් වෙති
මෙම සිද්ධිය පිළිබඳව මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසීමකදී කියා සිටියේ දිළිඳු පවුල් සඳහා සමෘද්ධි සහනාධාරය ලබා දී ඇති බවයි. , දුෂ්කරතාවයන් කියන සෑම කෙනාටම පොදු වශයෙන් ඒ ඒ ගැටලුව බලපා ඇති බව ද එම නිලධාරියා අවධාරණය කළේ ය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ start -up සමාගම් බිහිකිරීමට උත්සාහ කරනවා සේම, ඕනෑම කෙනෙකුගේ මූලික අවශ්‍යතාවයක් වන ආහාර නිපදවන්නා වූ ගොවීන් පිළිබඳව සැලකිලිමත් වී, වැඩි අවධානයක් ලබාදිය යුතුවේ...