(ජයන්ත සමරකෝන්)
කොළඹ 7 - ජාවත්තේ පිහිටි ලංකා සළුසල ආයතනය තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට රුපියල් කෝටි 32 හමාරක බදු මුදලක් ගෙවා නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු සමුපකාර සංවර්ධන අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ සමඟම ලක්ෂ 12 ක හිඟ විදුලි බිල්පත් නොගෙවීම මත එහි විදුලිය කපා හැර ඇති අතර මේ වනවිට ජනක යන්ත්‍රයක් මගින් විදුලිය සපයා ගන්නා බවද පැවසේ.
මෙම ආයතනය පිහිටි භූමිය අක්කර 3 ක් පමණ වන අතර එහි වත්මන් වෙළඳපළ වටිනාකම රුපියල් කෝටි 2500 කට අධික බවද දැනගන්නට තිබේ.
ආයතනය සතුව තිබූ ප්‍රදර්ශනාගාර 33 ක් අතරින් අද වනවිට ඉතිරිව ඇත්තේ ජාවත්ත හා නුගේගොඩ ප්‍රදර්ශනාගාර පමණක් බවද වාර්තාවේ.
මේ වනවිට ආයතන පරිශ්‍රයේ කොටසක ජනාධිපති ආරක්ෂක අංශය හා ඇමැති ආරක්ෂක අංශය ස්ථානගතව සිටින අතර, සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ රජයේ කිසිදු මුදලක් ලබානොගෙන ආයතනය පවත්වාගෙන යන බවද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 32 දක්වා වැඩිවනතුරු බලාසිටි තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයා හෝ සිටි ලේකම්වරුන් මෙයට වගකිව යුතුය. රජයේ නිළධාරීන්ගේ විනය පාලනය වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය මගිනි. එහි දෙවැනි කාණ්ඩයේ රජයේ නිළධරයන් විසින් සිදුකල හැකි වරදවල් සම්බන්ධ පළමුවන උපලේඛනයේ (7) යටතේ රජයේ මුදල් සාවද්‍ය ලෙස හෝ අයථා ලෙස හෝ පරිහරණය කිරීම හෝ වෙනත් අයෙකුට එසේ කිරීමට ඉඩ සැලසීම වරදක් දක්වා ඇත. මෙම වරදට ප්‍රාදේශීය ලේකම් ඉඩම් නිළධාරි හා විෂය භාර අයවලුන් වරදකරුවන් කල හැකි අතර මෙය විගණනය නොවීමද වංචාවන්ට අනුබලයක් විය හැකිය.
වැටත් නියරත් ගොයම් කානම් කාට කියමුද ඒ අමාරුව.