
(යොහාන් භාසුර)
කොළඹ කොටුව සහ මරදාන ඇතුළු රට පුරා දුම්රිය ස්ථාන රැසක සේවයෙන් දුම්රිය ස්ථානාධිපතීන් ඉවත්ව සිටීම නිසා දුම්රිය ස්ථාන රැසක මේ දක්වා ප්‍රවේශපත් නිකුත් නොකරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
දුම්රිය ප්‍රමාදයන් සහ දුම්රිය අවලංගු කිරීම නිසා ඇතැම් දුම්රිය ස්ථානවල ජනතාව කළහකාරීව හැසිරීම නිසා ආරක්‍ෂක පියවරක් ලෙස එම දුම්රිය ස්ථානවල ස්ථානාධිපතීන් සේවයෙන් ඉවත්කරගත් බවත් මෙය වැඩවර්ජනයක් නොවන බවත් එම නිලධාරියා කීය.
කුපිත වූ ජනතාව ඇතැම් දුම්රිය ස්ථානවල දේපළවලට ද හානිකර ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
(ඡායා ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd