(තිලිනි මධුෂානි)
රට පුරා ජල පාරිභෝගිකයන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට කෝටි 1450ක හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග සදහන් කළේය.
මෙම හිඟ මුදල් වහාම ගෙවන ලෙස මණ්ඩලය එම ජල පාරිභෝගිකයන්ට දැනටමත් දැනුම් දී ඇත.
ජල බිල් ගෙවීම් පැහැර හැර ඇති ජල පාරිභෝගිකයන් රැසකගේ ජල සැපයුම් විසන්ධි කර ඇතැයි මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
මේ අතර ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ජල පාරිභෝගිකයන් ජල බිල්පත් කලට වේලාවට ගෙවීම මගහරින තත්වයක් පෙනෙන්නට ඇති බව මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වෙලා පාර්ලිමේන්තුවේ ඉන්න තක්කඩියන්ගේ මහා පරිමාණයෙන් නොගෙවන බිල් අයකරගත්තා නම්, ඕකෙන් 90% ක් පියවෙයි. විදුලිබල මණ්ඩලයේ ණයත් එහෙම තමයි. දුක්පත් කෙනාට තමයි නිලධාරීන්ගේ තගරිය...!
ඉස්සෙල්ලාම කියන්නකෝ ඔය අතර ඉන්න දේශපාලකයෝ ටික ගැන... දෙවනුව අපි කතා කරමු පොදු ජනයා ගැන...
මේ බොරුව දිගටම ගෙන යන්න පුලුවන්ද? බිල්පත මාස දෙකකට යන්න නොදී රතුබිල එනව. විසන්ධි කරනව. ඒ සාමාන්‍ය ජනතාවට. හොරුන්ට අවුරුදු ගනන් දුන්න සහන වලට සාමාන්‍ය ජනතාව වන්දි ගෙවන්න ඕනද?
ඇත්ත දැන් එන බිල් ටික ගෙවාගන්න පඩිය මදි එ මදිවට පාසල්වලින් මොන්ටිසෝරි වලින් වැඩකට නැති වැඩසටහන් සඳහා සල්ලි එකතු කරනව.. මිනිස්සු පට්ට අසරනයි