IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජේලර්ගේ නිවස ඉදිරිපිට මල්වඩමක්

(යොහාන් භාසුර)

ගාල්ල බන්ධනාගාරය තුළට පිටතින් විසිකළ තහනම් ද්‍රව්‍ය පාර්සලයක් අත්අඩංගුවට ගත් ජේලර්වරයාගේ අම්බලන්ගොඩ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධියක් පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා අද (18) පැවසීය.

තහනම් පාර්සලය අත්අඩංගුවට ගැනීමෙන් පසුව අද (18) පෙරවරුවේ ජේලර්වරයාගේ පුද්ගලික නිවසේ දොර විවෘත කරන අවස්ථාවේදී නිවස ඉදිරිපිට අවමංගල්‍ය කටයුතු සදහා යොදා ගන්නා මල්වඩමක් සහ ඉටිපන්දමක් තබා ගොස් ඇති බවත් එම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිලි කළ බවත් දිසානායක මහතා කීය.

ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට පිටතින් කිසියම් පුද්ගලයෙකු එහි බන්ධනාගාර රෝහල පරීශ්‍රයට විසිකළ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එහි රාජකාරී නියුතු ජේලර්වරයා අත්අඩංගුවට ගත් බවත් එම පාර්සලය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පාර්සලය වැටී තිබු ස්ථානය අසලින් බන්ධනාගරගත සැකකරුවෙකු රැදි සිට ඇති බවත් ඒ මහතා කීය.  

එම සැකකරු බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙන්වා ගන්නා බවට තොරතුරු ලැබී ඇති අයෙකු බැවින් ජේලර්වරයා සැකකරු කැඳවා අදාල පාර්සලය පිළිබද ප්‍රශ්න කර ඇති බව ද දිසානායක මහතා සඳහන් කළේය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන්  ජේලර්වරයෙකු යොදවා විමර්ෂණයක් ආරම්භ කළ බවත් අදාල සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (0)

ජේලර්ගේ නිවස ඉදිරිපිට මල්වඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site