(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනපති ඉදිරිපත් කළේ ඩිස්නිලන්තය පෙන්වා රට සෝමාලියාවට දක්කන අය වැයක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අය වැයේ තියෙන්නේ යළි පුබුදමු ශ්‍රී ලංකා රට විකුණන වැඩ සටහන බව කී හේරත් මහතා එහි තිබෙන්නේ විකුණන් කෑම සහ බදු ගැහිල්ල පමණක් බව සඳහන් කළේය.
2023 නීල හරිත ආර්ථිකයක් කරන බවත් ඩිජිටල් ආර්ථිකයක් ගෙනෙන බවත් පෙර අයවැයෙන් කිව්වත් ඒ එකෙක්වත් මහපොළොවේ සිදු වුණේ නැතැයි කී විජිත හේරත් මහතා රටේ ජල සම්පතත් විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද ඉදිරියේ දී ආණ්ඩුවට විරුද්ධව අධිකරණ තීන්දු පමණක් නොව ජනතා තීන්දු ලැබෙන බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියව කියවා ඉඳලා හරියන්නේ නැහැ සහෝදරයා... වහාම මේ පරයන්ව බලයෙන් පන්නා දමලා ජනතාවට හිතවත් පාලනයක් හදන්න පෙරමුණ ගන්න...
විකුණන එකේ තියෙන අවුල මොකක්ද කියන්නකෝ. හැමදාම ඔය සටන් පාඨය විතරයි... මේ ගොල්ලන්ට තියෙන්නේ. 2002 යළි පුබුදිමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා නම් අද ලංකාව සිංගප්පූරුවත් පහුකරලා. අවාසනාවට 1956 බණ්ඩාරනායකට හැදිච්ච මැදමාවතේ පිස්සුවයි විජේවීරගෙ සමාජවාදී පිස්සුවයි මේ රට ආපස්සට ගෙනිච්චා. අදත් ගෙනියනවා. විකුණපු නැති එකම රට කියුබාව විතරයි. අද කියුබාවට වෙලා තියෙන දේ පේනවනේ. සිංගප්පූරුව හැමදේම විකුණුවා. සමාජවාදී චීනය හැමදේම විකුණුවා. රුසියාව විකුණුවා. රාජ්‍ය ව්‍යවසාය තියාගෙන දියුණුවුණු එක රටක් කියන්න. තව තවත් මිනිස්සු මුලා කරකර මේ අපරාදෙ කරන්න එපා. මාලිමාව දිනුවත් විකුණන්න වෙනවා. ලංකාවේ විකුණනවා කියන එක මහ අපරාධකාරී වචනයක් වෙලා. මුදලාලිලා කිව්වාම ජරා මිනිස්සු කොට්ටාශයක් ගාණට දාලා. මෙහෙම රටක් දියුණු කරන්න පුළුවන්ද?
මම නම් කියන්නේ අපේ රටේ ගව සම්පත දියුණු රටකට හොඳ ගානකට එකපාරටම විකුණලා දැම්මා නම් අඩුතරමේ ඒ රටේ ජාතියේ නම කියැවෙන ගවයින් ලෙසවත් විශේෂ නම්බු නාමයක් ලැබෙනවානේ... අනික, අං දෙක හොඳට වැඩිලා තියන, තම ස්වාමිවරුන්ට ඉමහත් ලෙස ආදරය කරන උම්බෑ කියමින්, තප්පුලමින් හෝ බර අදින්න කියාපු ජාතියක්නේ මේ... තියන දේ විකුණගෙන කන ලෝකෙන්ම හිඟාකන ජාතිය වෙනවාට වඩා ඒක කොතරම් නම්බු සහගතද? කාටද ආඩම්බර..?
මොනරා මාලිමා අරවින්දගෙන් අහන්න එපා තෙල්ගන්න හැටි... ජෙප්පෝ දන්නේ ජයවේවා කියන්නයි, තාප්පවල පාප්ප ගාන්නයි... සමහර විට අනුරයා කියයි තෙල් තිබෙන තැන්වල සෙක්කු හයිකරලා ජෙප්පෝ ටික සෙක්කු අදින්න දාමු කියලා...!
මෛත්‍රීගෙ පාලන සමයේ අගමැතිකමින් අයින් කරපු රනිල් නැවත අගමැති කරන්න දුවලා පැනලා දඟර දාපු යටත් විජිත හේරත්ට මොකද්ද හිටි ගමන් හැදිච්චි මේ අමාරුව?