(ආරියරත්න රණබාහු)

ජල බිල්පත් බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ නව වැඩ පිළිවෙළක් හඳුන්වාදිම හෙට(17) යාපනය දිස්ත්‍රිකයෙන් ආරම්භ කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යධිකාරි පියල් පද්මනාත පවසයි.

බිල්පත් නිකුත් කිරිමේ යන්ත්‍රයක් මගින් මාසික බිල්පත පාරිභෝගිකයන්ට නිකුත් කර එය බැංකු කාඩ්පත මගින් ගෙවිමට සළසා දෙන බව සාමාන්‍යාධිකාරිටරයා කීය.

මෙම වැඩ පිළිවෙළ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන බව කී ඒ මහතා ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වව බවද පැවසීය.