IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජල සම්පාදන ක්‍රම 31ක් අවදානම් මට්ටමට

(නිමල කොඩිතුවක්කු)

වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 31ක් අවධානම් මට්ටමට ලඟාවී ඇතැයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඉන් ජල සම්පාදන ක්‍රම 25ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය ලංකාදිපයට පැවසුවාය.

ඒ අනුව  ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන්, ඉංගිරිය, නිවිතිගල, පැල්මඩුල්ල, නාරම්මල හා ඌරුබොක්ක ඇතුලු ප්‍රදේශවල මෙලෙස මුර ක්‍රමයට ජලය සම්පාදනය කරන බවත්  කළුආරච්චි මහත්මිය කීවාය.

මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති ප්‍රදේශවල ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව කළමණාකරනය කරමින් ජලය නිකුත් කරන බවත් ඇය සඳහන් කළාය.

ජල පරිබෝජනය ඉහළ යාම හේතුවෙන් උස් ප්‍රදේශවලට දිවා කාළයේදී මෙන්ම රාත්‍රී කාලයේදීත්  ජල සැපයුම අඩාල වීම හෝ නොලැබී යාම සිදුවිය  හැකි බවත්  කළුආරච්චි මහත්මිය පැවසුවාය.

එම ප්‍රදේශවලට අවශ්‍යනම්  ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරීමට හැකියාව පවතින බවත් ඒ සඳහා බවුසර් 150 ක් සූදානමින් පවතින බවත් ඇය සඳහන් කළාය.



අදහස් (0)

ජල සම්පාදන ක්‍රම 31ක් අවදානම් මට්ටමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site