
(යොහාන් භාසුර)
වියළි කාලගුණ තත්වය හේතුවෙන් ජල විදුලි ජනනය සියයට 15 ක් දක්වා පහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව සියයට 23 ක් දක්වා පහළ ගොස් ඇති බවත් රන්දෙණිගල ජලාශයේ ධාරිතාව සියයට 8.1 ක්, වික්ටොරියා ජලාශයේ ධාරිතාව සියයට 27 ක් සහ සමනල වැව ජලාශයේ ධාරිතාව සියයට 1.9 ක් දක්වා පහළ ගොස් ඇති බවත් එම නිලධාරියා කීය.
මේ අනුව මෙරට සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 80 ක් ගල්අඟුරු සහ තාප බලාගාරවලින් සැපයෙන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලාශ හදනවා පමණයි නඩත්තුවක් නෑ. ජලාශ ක්‍රමයෙන් රොන්මඩ පිරී ධාරිතාවය බිංදුවටම බහිනවා. ජලපෝෂක ප්‍රදේශ දේශපාලුවන්ගේ කෙලිබිම් බවට පත්වෙලා. අනවසර ගොඩනැගිලි ගොවිතැන් එමටයි. ජනතාව තවදුරටත් දුකට පත්වෙනවා පමණයි.