IMG-LOGO

ජූලි මාසයේ කොරෝනා මරණ 30ක්

(සුජිත් හේවාජුලිගේ)

රටේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් මරණ 30 ක් පමණ මේ මාසයේදී වාර්තාවී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.

කොවිඩ් මරණවල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති හෙයින් ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් එන්නතේ තුන්වෙනි මාත්‍රාව( බූස්ටර් ) එම එන්නත ලබාගත හැකි ජනතාවගෙන් සියයට පනහක පමණ පිරිසක් මෙතෙක් ලබා ගෙන නැතැයි සඳහන් කළ හම්දානි මහතා වයස 60ට වැඩි ලක්ෂ 10 ක පමණ පිරිසක්ද එම මාත්‍රාව ලබා ගෙන නැති බව සඳහන් කළේය.

ඇතැම් පිරිස් පළමු මාත්‍රාව පවා ලබාගෙන නැති බව වෛද්‍යවරයා පැවසූවේය.

විශේෂයෙන්ම පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳ සිටීම ඉතා වැදගත් බවත් උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතී නම් සෞඛ්‍ය නීතිවලට අනුකූලව නිවෙස්වලටමවී කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් අන්වර් හම්දානි මහතා වැඩිදුරටත් පැවසීය.

දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව උණ පවතින්නේ නම් පාසල් යැවීමෙන් වළකින ලෙසද ඔහු මවුපියන්ගෙන් ඉල්ලීමක් කළේය.

 



අදහස් (1)

ජූලි මාසයේ කොරෝනා මරණ 30ක්

maduranga Sunday, 31 July 2022 07:13 PM

වහා අවධානය යොමු කළ යුතුයි. තෙල් පෝලිම් නිසා තත්ත්වය වඩාත් භයානක විය හැකිය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 312 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 796 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site