
(යොහාන් භාසුර)
ජනවාරි සහ ජූලි මාසවලදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට අනුව ලබන ජූලි මස විදුලි ගාස්තුව සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (3) පැවසීය.
පිරිවැය පදනම්ව මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සහ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී විදුලි ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කිරීමට පසුගිය වසරේ දෙසැම්බර් මස රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බිලේම සඳහන් අයුරට පිරිවැයට වඩා වැඩි මුදලක් විදුලි බල මණ්ඩලයට අප ගෙවන බව ඉතා පැහැදිලියි. නිදසුනක් ලෙස රුපියල් 7000ක් විතර අපට විදුලිබල මණ්ඩලයට ගෙවීමට නියම කළත් ඒ සඳහා වියදම වන්නේ රුපියල් 5000ක් විතර. එබැවින්, ලංවිම යනු මහජනතාව සුරා කන රාජ්‍ය ව්‍යාපාරයක් බව ඇමැතිටත් ජනතාවටත් පසක් වේවා...!
පසුගිය මාස තුන ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවෙන් වැඩ කළා... වතුර තිබුණු නිසා. වතුර නිකං ලැබෙන නිසා... ජලවිදුලි නිෂ්පාදන පිරිවැය ඉතා අඩුයි. ඒ වගේම ඉන්ධන ගාස්තු ලීටරයකට රුපියල් 150කට වැඩියෙන් අඩු වුණා. ඩිසල් විදුලි බලාගාර අවම ධාරිතාවෙන් යොදාගත් නිසා නිෂ්පාදන පිරිවැය ඉතාම අඩුවුණා... ඒ කියන්නේ පැහැදිලිව අවම 50% ගාස්තු අඩුවීමක් ජනතාවට ලැබිය යුතුයි නේද...?
එහෙනම් සේවකයින්ට බෝනස් ගෙව්වානම් හරි...
කාංචනා පසුගිය කාලයේ මණ්ඩලයේ එවුන්ට විවිධ සංතෝසම් සඳහා කෝටි 367 දුන්නා කියලා පුවතක් පළවුණා. කොටසක් තමුන්ටත් ඇතිනේද? ඔහේට එහෙම වුණත් අපිට නම් දැන් පවතින විදුලි බිල් ගෙවාගන්න බැරිතරම් වැඩියි. බිල් හදනකොට වියදම් හා බෙදාහැරීමේ ගාස්තු අයකිරීම හොඳටම ප්‍රමාණවත් වුණත් මොකටද ගොයියෝ? එක් එක් පාරිභෝගිකයින් සඳහා විවිධාකාරයෙන් Fixed Charge කියලා අයකරන්නේ මොකටද ඒක මණ්ඩලයේ විවිධ දීමනා අරගෙන සුරසැප විඳින අයට හා ඇමැතිවරයා ඇතුළු පාලකයින්ට ජාති ජාතිත් ඵලදෙන අපරාධයක් කියන්න පුළුවන් ඒ සමගම බිල් සඳහා SCC Levy කියලා තවත් සූරාකෑමක් කරනවා ඇත්තටම කාංචන මෙපමණ බිලක් අයකරද්දී ආයෙත් වැඩිකරන්න හදන්නේ අහිංසක මිනිස්සු ගැන හැඟීමක් ඇත්තේම නැද්ද?