IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජල මිල ඉහළ නැංවීමට එරෙහිව සජිත්ගෙන් රජයට චෝදනා

 (නිමල කොඩිතුවක්කු)

අමාරුවේ වැටුණ රට ගොඩගන්නවා කියා ආණ්ඩුව ජල ගාස්තුව පවා වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

රටේ ජනතාව රවටා ජල බිල සියයට 50කින් වැඩි කිරීම ජන පීඩක අත්තනෝමතික ක්‍රියාවක් බවත් විපක්ෂනායකවරයා පැවසීය.

ජනතාවගේ කරපිට බර පටවා රට ගොඩ ගත හැක්කේ කෙසේදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක කාර්යාලයේ දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමගි සේවක සංගමයේ අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු පැවසීය.

හෙට අනිද්දා දින ගෑස් මිලත් වැඩි වූ පසු ජනතාව කබලෙන් ලිපට වැටෙන බවත් රජයට ජනතාව ගැන කිසිදු හැගීමක් නොමැති බවත් විපක්ෂනායකවරයා එහිදී පැවසීය.



අදහස් (6)

ජල මිල ඉහළ නැංවීමට එරෙහිව සජිත්ගෙන් රජයට චෝදනා

ajith Thursday, 03 August 2023 05:18 PM

ජනතාව කබලෙන් ලිපට වැටෙන බවත් රජයට ජනතාව ගැන කිසිදු හැගීමක් නොමැති බවත් දුප්පතා ගැන නිතරම කතා කරන තරුණ සජිත්, එදා ගෝටබය අගමැතිකම බාරදෙන්න සුදානම් උනාම සැගවුණ.

:       0       0

බණ්ඩාර Thursday, 03 August 2023 06:42 PM

සති ගණං වහින්නැති රටවලත් ජලගාස්තු මීට වඩා අඩුයි. ජලය කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවක්...!

:       0       0

Gunendra Thursday, 03 August 2023 07:10 PM

මේ ඔහුගේ දේශපාලන න්‍යයාය පත්‍රයේ විහිළු කොටසක්

:       0       0

Bamunuarachchi Friday, 04 August 2023 02:09 AM

දැන් ඔහේ ඇඟිල්ල දික්කරලා කෑගහලා මොනවද නැවැත්තුවේ? ජෙප්පන් මොනවද නැවැත්තුවේ? පුරුද්දට කෑගහනවා?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 04 August 2023 10:27 AM

ඔව්... ජනතාව කබලෙනුත් ලිපට වැටිලා. ඒත් ඔබතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය රටේ බලය ගැනීමට හැකි සියලු දේ කියමින් ඉන්නවා. ඒත් මුළු ඒකාබද්ධ විපක්ෂයම එකතු වී රටේ දේ හොරකම් කළ දූෂිතයන් අල්ලා හොරා කෑ දේ නැවත පවරා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂය බලය ගැනීමට කටයුතු කරමින් ඉන්නවා. රට කෑ හොරුන් ආරක්ෂා වී නිදැල්ලේ සිටිනවා. ජනතාව ලයිට් බිල්, වතුර බිල් ඇතුළු සියලු දෙයින් බැටකමින් හිඟා නොකා හිඟාකනවා. කනවා වෙනුවට ලෙවකනවා. පව් අපේ රටේ මිනිස්සු.

:       0       4

Rasika Friday, 04 August 2023 12:38 PM

ඔයා බලාගෙන ඉන්නේ සහනාධාර දීලා ඡන්ද ගරාගන්න. ඒකතමයි මේ රටට පාත් වුණු ලොකුම හෙනේ. ඔබ රටම අගාධයට ගෙනියන දැක්මක් නැති නායකයෙක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site