(කේ. බුද්ධික කුමාරසිරි)
ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ අන්තර් ජාල ගෙවීම් ක්‍රමවේදය අද දින උදෑසන සිට බිඳ වැටී ඇතැයි අභ්‍යාන්තර ආරංචි මාර්ග කියයි.
මෙම හේතුවෙන් අන්තර් ජාල මුදල් ගෙවීම් ක්‍රමවේදය ඇණ හිටීම නිසාවෙන් අන්තර්ජාල හරහා ජංගම දුරකතන, තැපැල් කාර්යාල, සුපිරි වෙළදසැල් මගින් ජල බිල්පත් ගෙවීම දිවයින පුරා සම්පූර්ණයෙන් ම බිඳ වැටී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
අන්තර් ජාල ගෙවීම් මධ්‍යස්ථාන වෙත ගිය ජල පාරිභෝගිකයන් විශාල පිරිසකට බිල්පත් සදහා මුදල් ගෙවීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත් වීමට සිදුව ඇත.
ජල සම්පාදන මණ්ඩලයේ ස්ථාවර බිල්පත් කවුළු මගින් පමණක් බිල්පත් ගෙවීමේ හැකියාව තිබුණු බවද එම වෘත්තීය සමිති පැවසීය.
මේ සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වැඩ බලන) වාණිජ කටයුතු ඊ. වීරසිංහ මහතාගෙන් කල විමසීමකදී මෙසේ කීය. අන්තර් ජාල ගෙවීම් කටයුතු ඊයේ දින සිදු කිරීමට නොහැකි තත්වයක් තිබුණා. එය සවස් වන විට යථා තත්වයට පත් කිරීමට හැකියාව පවතින බව තාක්ෂණික අංශයේ නිළධාරීන් දන්වා සිටියා. එය සයිබර් අපරාධකරුවන් ගේ ප්‍රහාරයක් නොවේ. තාක්ෂණික බිඳවැටීමත් පමණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd