
(සුජිත් හේවාජුලිගේ)
ජල ගාස්තු ඉහළ නැංවීමට ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ජල ගාස්තු වසර 10 කින් ඉහළ නංවා නැතැයි එම මණ්ඩලය පවසයි.
මේ අතර මාස හයක් සහ අවුරුද්දක කාලයක් අඛණ්ඩව ජල බිල්පත් නොගෙවූ පුද්ගලයන්ගේ සබඳතා විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.
කොවිඩ් ව්‍යාප්ති ආරම්භවීමත් සමඟ ජල සබඳතා විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.
හිඟ ජල බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවා ඇතැයි ජල සම්පත් මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එයාලගේ පඩි වැඩි කරන්න කිව්වද? වතුරත් එක්ක හැප්පෙන්න එපා... ගොබ්බයන්ට කියන්නේ..!
ඔය වැඩේ කරන්න අවශ්‍ය නිසා තමයි වාසුදේව දැනට අමාත්‍යාංශයට නොගොස් ඉන්නේ. එක මාසෙක බිලක් හෝ නිකුත්කල වහාම උන්දෑ නැවතත් වැඩට බහීවි. කොහොමත් අපි බලමුකෝ...
වැඩි කරන්නේ අර නොගෙවන අයගෙන් සිදුවන පාඩුව පියවා ගන්නත් එක්ක නේද? නරකද ඉස්සෙල්ලාම දේශපාලකයින්ගේ හා හෙංචයියලාගේ වතුර විසංධි කරලාම පටන්ගත්තොත්...?
ඡායාරූපය ගන්න වෙලාවේ ඇරලා තිබුණු ටැප් එක තවම වහලා නැහැනේ.. දැනට වතුර කොච්චර නාස්තිවෙලා ඇද්ද?