(රංජන් කස්තුරි)
ජල බිල්පත් ගෙවා නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ජලසම්පාදන මණ්ඩලය මගින් අද (20) අත්හිටුවා තිබේ.
අධ්යා පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ලබාදුන් උපදෙස් අනුව එම තීරණය ගෙන තිබේ.
මේ පිළිබඳව ‘ලංකාදීප‘ ය කළ විමසුමකදී අධ්යාාපන අමාත්යේ ආචාර්ය සුසිල් ප්රේසමජයන්ත මහතා සඳහන් කළේ බිල්පත් නොගෙවීම හේතුකොට ගෙන කිසිඳු පාසලක ජල සැපයුම විසන්ධි නොකරන බවය.
පාසල්වල ජලබිල්පත් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස්කරන බවද ඇමැතිවරයා කීවේය.
ජල බිල්පත් නොගෙවා ඇති පාසල්වල ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන මණ්ඩලය මීට ඉහත තීරණයක් ගෙන තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරුනු වලින්ම තේරෙනව දුෂිත දේශාපාලුවන්ට නීතිය කිකරුයි කියල. මේ යෝධයට තිබුනෙ ඒ පාසැල් වල වතුර බිල් ගෙවන ලෙස තමන්ගෙ අමාත්‍යංශයට උපදෙස් දෙන එක එහෙම නැතිව නීතිය නවන එක නෙමෙයි. මේ කැත දේශපාලන ක්‍රමය විනාශ කලයුතුයි නැත්නම් මේ රටට අනාගාතයක් නෑ
පාසැල් අධ්‍යාපනය ජාතික අවශ්‍යතාවයකි. එම ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් පාසැල් හා රෝහල් වැනි ආයතන වෙත ජල විදුලි වැනි අත්‍යාවශ්‍ය පහසුකම් ලබා දීමේදී ප්‍රතිපත්තියත් වශයෙන් සහන සැලසිය යුතුය. එහෙත් ජල හෝ විදුලි හෝ ඛණිජ තෙල් හෝ එවැනි ආයතන වල සේවකයන්ට අනවශ්‍ය ගෙවීම් වහාම නවතා දැමීමට ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුය මක් නිසාද යත් සමස්ත රාජ්‍ය සේවය තුල කුමන ආකාරයකින් හෝ තෝරාගත් පිරිසක් වෙත පමණක් අසීමිත ලෙස වරප්‍රසාද සැලසීම ජාතික අවශ්‍යතාවයක් නොවන බැවිනි. එවැනි විශේෂ වරප්‍රසාද නොමැතිව හෝ සේවය සැලසීම සඳහා රැකියා විරහිත තරුණයන් ඕනවටත් වඩා රට තුල සිටින බැවින් එවැනි තීරණ තුලින් අතෘප්තිමත් අය ඉවත් කර දමා නවකයන් බඳවාගෙන ජාතික අවශ්‍යතාවයන් ඉටු කල හැකි බැවිනි.