
(පී ශාන්ත බණ්ඩාර සහා බණ්ඩාර ජයරත්න)
අලුතෙන් එලන ලද ජනනළ පද්දතියක පීඩනය පරික්ෂා කරද්දී නළයක් පුපුරා යෑමේන් 70 හැවිරිදි පුද්ගලයකු එම ජලපහරට හසුවි බෝක්කුවෙන් පහලට ඇදවැටි බරපත තුවාල ලබා මාවනැල්ල මූලීක රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මරණයට පත්ව ඇතිබව මාවනැල්ල පොලිසිය පවසයි.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ ,දුනුගම, මාවනැල්ල ලිපිනයේ පදිංච්වසිටි එස්, එච්. ජයරත්න නැමති 70 හැවිරිදි විවහක පුද්ගලයකු බවද පොලිසිය පැවසීය .
හෙම්මාතගම හතරමං හන්දිය හරහා හිඟුල දෙසට එලා ඇති ජල නළ මාර්ගයේ අද උදෑසන සිට පුද්ගලික ඉදිකිරීම් සමාගමකට අයත් සේවකයන් පිරිසක් එහි පීඩන පරික්ෂාවේ යෙදෙන අවස්තාවේ එදඬුවාව බෝක්කුවෙන් එලා ඇති නළයෙන් පුපුරා යන ජල පහරට හසුවි නිවසේ සිට සිය පොල් ඉඩම බලා යමින් සිටි අයකු මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd