
වන්දනා නඩ සහ වික්‍රමයන්ට ප්‍රියකරන පුද්ගලයන් සමඟ එක්ව තමන් පසුගියදා ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගත් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී පාද කන්දේ ඇති ස්වභාව සෞන්දර්යය, ඓතිහාසික වැදගත්කම අගය කරමින් සහ සියලු ආගම් ශ්‍රී පාදස්ථානයට දක්වන ගෞරවය සිතෙහි තබා ගෙන තමන් ශ්‍රී පාද කන්ද තරණය කළ බව ඇය පැවැසුවාය.ශ්‍රී පාද කන්ද තරණය කිරීම අභියෝගයක් ගෙනදුන් නමුත් කඳු මුදුනට දර්ශනය වන ඉර සේවය දුටු විට එම අභියෝගය බාර ගැනීම පිළිබඳ තමන් සතුටු වන බව ඇය ප්‍රකාශ කළාය.
ශ්‍රී පාද කඳු මුදුනට යන ගමනේ හොඳම කොටස නම්, දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් චන්ග් මහත්මිය පැවැසුවාය.තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබා දුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තමන්ට තිබූ ගෞරවය තවත් වැඩි කළ බව ඇය ප්‍රකාශ කළාය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට යන්න තිබ්බේ කැළණියට
පාරේ බස් එකේද ගිහින් තියෙන්නේ
මේක හරිම මිහිරියි...සුබ පැතුම්
අපේ ඇමැතියෙක් එහෙම ගියා නම් එදාට ගාඩ් එකත් දාගෙන යන්නත් බැරිවෙනවා.
ඇඩම්ස් පීක්, ‘‘සිරිපා‘‘ ලංකාවේ ඉහළම උතුම් ස්ථානයක්.. මට ගොඩක් සතුටුයි... ස්තුතියි මැඩම්...!
අහන්නත් සන්තෝෂයි , ආඩම්බරයි මැඩම් ඔබ ගැන
බොරු සෝබනේට... මොනවා හරි ඔත්තු බලන්න යන්න ඇත්තේ...!
ඔබ විසින් ශ්‍රී ලංකාව ඇතුළු මුළු ලෝකයටම ලබාදුන් ඔබගේ ශ්‍රේෂ්ඨ නායකත්වය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ මිනිසත්බවට තෙරුවන් සරණ සහ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිහිටයි...!
ඇමරිකන් තානාපතිනිය ශ්‍රී ලංකාවේ අනික් තානාපතිවරුන්ට ආදර්ෂයක්... ඔබ අතර බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වනවාට සැක නැහැ.
දුර බලන දූර දර්ශකයුත් අරන් ගියාද ඔත්තු බලන්න.