
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් ඊයේ(29) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ.
එහිදී ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩ සහාය,දෙරට අතර ආයෝජන සහ වෙළඳාම,ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මෙන්ම ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ද්වි පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගනිමින් ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා කළ බව ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ, බුද්ධිමත්, අවංක මනුස්සයෙක්...!
එක එක්කෙනා හමුවෙලා වැඩක් නැහැ චන්ග් නෝනේ... දෙන දෙයක් ඉක්මණට දෙන්න. ලෙඩා මැරෙන්න ඔන්න මෙන්න. ඕනෑම නම් ත්‍රිකුණාමලය වරාය බදු අරන් හරි මේ උදව්ව කරන්න අතගගා ඉන්නේ නැතිව. නැතිනම් හම්බන්තොට වරායේ චීන ණය ගෙවලා ඒක තව අවුරුදු 50 කට විතර බදු අරන් ඇඩ්වාන්ස් එකක් දෙන්නකෝ. දෙගොල්ලොම ගොඩනේ...!
ගරු ජුලි චන්ග් මහත්මියනි, මේ රජයට ශතයක්වත් දෙන්න එපා. මුන් හොරු. ඔක්කොම සල්ලි හොරා කනවා.මැතිවරණයක් පවත්වන්න කියන්න.ඊළඟට පත්වන රජයට ආධාර කරන්න.
මෙයත් රාජපක්ෂවරු රකින කෙනෙක් තමයි...!