IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජල ගාස්තුව සියයට 7කින් අඩු කරයි

(යොහාන් භාසුර)

ගෘහස්ථ කාණ්ඩයේ ජල ගාස්තුව සියයට 7 ක් සමඟ ජල ගාස්තු පහළ දැමීමට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

සමස්ත ජල ගාස්තුව සියයට 5.9 කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි සඳහන් ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය පසුගිය 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.

ඒ අනුව රජයේ රෝහල්වල ජල ගාස්තුව සියයට 4.5 කින්, පන්සල් ඇතුළු ආගමික ස්ථානවල ජල ගාස්තුව සියයට 6.3 කින් අඩු කර ඇති අතර මිල සූත්‍රය මත පදනම්ව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මෙම ගාස්තු සංශෝධනය කර තිබේ.

සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය, රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් වේ. 



අදහස් (1)

ජල ගාස්තුව සියයට 7කින් අඩු කරයි

siri Friday, 23 August 2024 05:39 PM

අධික ලෙස මිල වැඩිකරලා සොච්චමක් අඩුකළාට ඡන්දෙ දේවිද?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 624 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site