
(සුමිත් පොතුපිටිය)
තමන් ජල ක්‍රීඩාවේ යෙදෙන අයුරු ඩිජිටල් කැමරාවක පටිගත කිරීම සදහා උත්සාහ කල කොරියානු ජාතිකයකු වාද්දුව පිහිනුම් තටාකයේ වැටී මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දකුණු කොරියානු ජාතික කිම් මින්ග්සන් නමැති 43 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
වාද්දුව සංචාරක හෝටලයකට පැමිණ ඇති ඔහු අද උදෑසන පිහිනුම් තටාකයේ වැටී සිටින අයුරු විදුලි සේවකයකු දැක දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය කීය.
පිහිනුම් තටාකයේ බැම්ම මත කැමරා ආධාරකයක් (ත්‍රයි පෝඩ්) තබා ඒ මත දෙපසම පටිගත වන අධි තාක්ෂණික ඩිජිටල් කැමරාවක් රදවා මුහුදු වෙරළ දෙස සිට පිහිණුම් තටාකයට පනින අයුරු කැමරාවේ පටිගතව ඇතැයිද පොලිසිය පවසයි .
අඩි 4 ක පමණ ගැඹුරක් ඇති ස්ථානයක ටයිල් කැටයක ඔහුගේ හිස වදින්නට ඇති බවට සැකපලකරන බවත් එහි මියගොස් ඇති තැනැත්තා ගේ බවට සැකකරන හිස කෙස් කොටස් රැදී ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිළධාරියෙක් කීය .
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකර ඇති අතර , මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd