(නිමන්ති රණසිංහ)
බැංකු ඇපකරයකට ව්‍යාජ සහතිකයක් ලබා දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් වශයෙන් රුපියල් 15,000ක මේසයක් සහ රුපියල් 15,000 මුදලක් ඉල්ලා ලබාගත් බව කියන වව්නියාව කෝවිල්කුලම් ග‍්‍රාම නිලධාරීවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද (31) අත්අඩංගුවට ගනු ලැබිය.
අලලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් වව්නියාව ආලයඩි වීදිය, කෝවිල්කුලම ප‍්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වව්නියාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව රාජකාරි කළ අංක 244 සී කෝවිල්කුලම් ග‍්‍රාම නිලධාරිවරයාය’
ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීමට කටයුතු කළ ව්‍යාපාරිකයකුට ඒ සදහා ඉදිරිපත් කළ යුතු ඇපකරුවන් දෙදෙනාගෙන් එක් ඇපකරුවකු රජයේ සේවකයකු නොවන බැවින් එම ඇපකරුට ආදායම් ඇති බවට බැංකුවෙන් ලබා දෙන ලේඛණය අත්සන් කර දීම සදහා මෙම අල්ලෂ ඉල්ලා ලබාගත් බවට පැමිණීලිකරු පැමිණීල්ලෙන් ඉදිරිපත් කර තිබූ බව එම කොමිසම සදහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මට විතරක් කියලා ග‍්‍රාම සේවක ඇහැව්වොත්? ඕක පොඩි ගාණක් නීතියේ ආවරණයක් නෑ කියනවද?
ජරාව කන ග්රාමසේවකයින් තව කොච්චර ඉන්නවද? ග්‍රාමසේවක සහතිකයක් ගන්න ගිය අය කියාවි එයාලාගේ කෙරුවාව තක්කෙටම..