
(අංජුල මහික වීරරත්න)
පුනර්ජනනීය බලශක්තිය ගැන නිසි අධ්‍යාපනයක් මෙරට දරුවන්ට ලබා දීම සඳහා ශ්‍රී ලංකාව හා ජර්මනිය එක්ව වෘත්තීය පුහුණු පාසලක් ලංකාවේ පිහිටුවීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවෙි ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර එකඟතාවයක් ඇතිව තිබේ.
මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා හා ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදීය. මෙම පහුණුවෙන් පසු උසස් ලෙස සමත්වන දරුවන් වෙනුවෙන් ජර්මන් පුනර්ජනනීය බලශක්ති සමාගම් වල රැකියා ලබාදීමට ද ජර්මන් තානාපති කාර්යාල නිලධාරීන් මෙම සාකච්ඡාවේදී එකඟ වී තිබේ.
ජර්මන් තානාපති කාර්යාල නිලධාරීන් සමඟ ජර්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති සමාගම් නියෝජිතයන් පිරිසක් ද පැමිණ ඇති අතර ඔවුන් ඊට අදාළ ව්‍යාපෘති වාර්තාවක් ලබාදීමට එකඟ වී ඇත.
ඒ අනුව මේ වන විටත් අදාළ වෘත්තීය පුහුණු පාසල හෝමාගම තාක්ෂණික කලාපයේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
රුවන් විජයවර්ධන මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුම්වත් කර ඇති අතර ඉදිරියේදි ඊට අදාළ ව්‍යාපෘති වාර්තාව ලද පසු එය ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි... නියමයි