IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජෙරොම්ට රට යන්න අවසර

(විමුක්ති එස් රුද්‍රිගු)

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළේ යැයි චෝදනාවට ඇප මත සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහනම ජූනි 26 වැනිදා දක්වා ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියෝග කළේය.

අදාළ නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී ඉදිරි මාසවලදී ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල කිහිපයක දේශන පැවැත්වීමට ජෙරොම් ප්‍රනාන්දු බලාපොරොත්තු වන බැවින් ඔහුට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

ජෙරොම් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් පනවා තිබියදී අත් අඩංගුවට ගන්නා බව දැන දැනත් පසුගිය අවස්ථාවේදී ශ්‍රී ලංකාවට පැමිණි බවත් මෙම අවස්ථාවේදීද දේශන අවසන් කර නැවතත් ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පැවැසුවේය.

එම අවස්ථාවේදී අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළේ යැයි චෝදනා එල්ල වී තිබෙන ජෙරොම් ප්‍රනාන්දුගේ දේශනය ඇතුළත් සී.ඩී තැටිය සම්බන්ධයෙන් වාර්තා කිරීමට තරම් විශේෂ කරුණක් අනාවරණය නොවූ බවයි.



අදහස් (7)

ජෙරොම්ට රට යන්න අවසර

බද්රානි Wednesday, 03 April 2024 08:56 PM

මේ රටේ බල්ලෝ නැට්ට උස්සගෙන කොච්චර බිරුවත් "තවලම" පාඩුවේ ඉදිරියට ගමන් කරනවා නේද..? දැන් වැඩිය තඩි සුනඛයෝ පේන්න නැහැ...එකෙක් කූඩු කළාම අනෙක් එවුන් නැට්ට බඩ යට ගහගෙන හීලා වෙලා වගෙයි...

:       0       0

Srinath priyantha Wednesday, 03 April 2024 10:41 PM

බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ

:       0       0

Perera Wednesday, 03 April 2024 11:41 PM

ජෙරම් ට රට සවාරි ,ඥාණසාර ට හිරබත්

:       0       3

සෞභාග්‍යයේ පෙරනිමිති Thursday, 04 April 2024 10:29 AM

ඇයි අර කවුද ගැහැණු කෙනෙකුත් හිටියේ...?

:       0       0

Bamunuarachchi Thursday, 04 April 2024 12:05 AM

මෙහෙන් තොලොංචි කලාට කමක්ට නැහැ රටට නැවත එන්න අවසර දෙන්න එපා.

:       0       6

sam Thursday, 04 April 2024 12:04 PM

JEROMA දේව ගැතියෙක් නෙමෙයි.බොරු කියලා මිනිස්සු රවට්ටන බොරු කාරයෙක් .මූ කළෙම බුද්ධාගමට මඩ ගහපු එකයි .ඇයි මුගේ අයතා දේපල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ

:       0       2

Asanga samantha Thursday, 04 April 2024 01:12 PM

මෙන්න නියම නීතී. මුන් කොයෙන් ගියත් දිනුම්. මුන් හොද නලුවෝ. අපේ හාමුදුරුවන්ට තමයි කෙලින්න අදන්නේ. අනික මේක වෙන බව අපි දනගෙන හිටියා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site