බුදුරජාණන් වහන්සේට සහ දේශනාවට අපහාසයක් වන ලෙස ප්‍රකාශයක් කළ බව කියන ජෙරම් ප්‍රනාන්දු මහතාගේ මව සහ පියා මහා සංඝරත්නය හමුවේ අද සමාව ඉල්ලා සිටිය.
ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමියන් බැහැදුටු එම දෙපළ පුතාගේ ප්‍රකාශයෙන් බුදු දහමට මෙන්න බෞද්ධ ජනතාවට වූ අපහාසයට සම්බන්ධයෙන් තමන් කනගාටුවන බවත් සිය දරුවා වෙනුවෙන් මහා සංඝරත්නයෙන් මෙන්ම සමස්ථ බෞද්ධ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව මහා සංඝරත්නය ඉදිරියේ ප්‍රතිඤ්ඤා දුන්හ. තමන්ට මෙම අවස්ථාව ලබාදිම සම්බන්ධයෙන් තමන් මහා සංඝරත්නයට ස්තුති වන්ත වන බවත් සියලු දෙනාගෙන් කෝටි වරයක් සමාව අයදින බව ද ජෙරම් ප්‍රනාන්දු ගේ මව පැවැසුවාය.
තමන් කළ වරද පිළිගෙන ඒ සම්බන්ධයෙන් සමාව අයදැන්නේ නම් ඊට සමාදීමට බුදුරජානන් වහන්සේගේ ධර්මය තුළ ඉඩක් ඇති බවට ඊට කිසිදු බාධාවක් නැතැයි ඕමල්පේ සෝභිත හිමියෝ මෙහිදි ප්‍රකාශ කළහ.
ඉතාමත් සුහද ශීලිව සාකච්ඡාව පැවැති බව නා හිමියෝ ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕමල්පේ හාමුදුරුවෝ සියලු බෞද්ධයින්ගේ නායකයා වුනේ කවදා ඉඳන්ද? නඩු ඉල්ලා අස් කරගන්න එපා...
හරි සියලු පව් කමා වුණා. මේ ස්වාමීන් වහන්සේ තමයි සියලු දේ තීරණය කරන්නේ. පුතා කළ දෙයක් වෙනුවෙන් සමාව ඉල්ලන්න දෙමාපියන්ට ගිය කාලයක්. මේ සිද්ධිය වුණු කාල සීමාවේදීම මේ දිවැසිවරයා කිව්වනේ එයා ලංකාවට එනවා. මේ කීව දේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. අන්තිමට ලෝයර්ලා පෙනී උන්නා දිවැසිවරයා වෙනුවට. අපේ පොලිසිය ගුවන්තොටුපලේ පාලු මැකුවා ජෙරම් එවී කියලා. මාර නාට්‍ය තමයි මේවා. මේත් ඒ නාට්‍යයේ ජවනිකාවක්. මේ දවස්වල ඕක බලන්න වේලාව නෑ.13 වෙනි සංශෝධනය පෙන්වනවා. ඒක බලන්න ඕනෑ අපිට...
සිංහල බොදු බලය ඉවරයි කියලා පාරම්බාපු උන්නාන්සේ ළඟටම ගිහින් සමාව ඉල්ලපු එකනේ බොලේ වැඩේ! කුමන්ත්‍රණ කරලා සිංහල බොදු නායකයින්ව ඉවත් කළ පලියට සිංහල බොදු බලවේගය මේ රටේ ඉවර නැහැ සහ ඉවර කරන්නත් බැහැ කියන එකට හොඳ සාධකයක් මේ බොරු සමාව ගැනිල්ල....
ගෞරවයක් තියෙන ස්වාමීන් වහන්සේලා මෙච්චර ඉද්දී සමාව ගන්න ගිහින් තියෙන්නේ දේශපාලුවෙක්. NGO ලොක්කෙක් හිටපු මන්ත්‍රී කෙනෙක් සහ අරගල නායක සිවුරු දරන්නෙක් ගාවටනේ...
ජෙරම් ප්‍රනාන්දු, දෙමව්පියන්, මෙකී නොකී හැමෝම නාටකයේ නළු නිළියන් පමණයි. තාම අධ්‍යක්ෂකවරයා කවුද කියලා හඳුනාගන්න බැරි වුණා. අර පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වගේ හැමදාම හොය හොයා ඉන්න පුළුවන්...
හරි නම් සමස්ථ ජනතාවගෙන්ම සමාව ගන්න ඕනේ.. ජෙරම් කියන එක්කෙනා මිසක් දෙමාපියන් නොවේ...
මේකත් හරියට රන්ජන් ගොයියාගේ කතාව වගේ... වැරැද්ද කළ කෙනා නොවෙයි සමාව ඉල්ලන්නේ වටේ ඉන්න අය... පව් සමා කිරිල්ලක් අපේ නැහැ. කල පව්වලට කරුමේ ගෙවන්න ඕනේ.
මොකවත් වෙන්නේ නෑ. අර දළදාවට අපහාස කරපු “සේපාල්” වගේ යහතින් ඉඳීවි. බෞද්ධ ආගමික බලධාරින් නිහඬයි. එයාලාට අටපිරිකර ලැබෙනවානේ...!