
(යොහාන් භාසුර)
ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා එහි සේවකයන් ඉවත් කිරීම හේතුවෙන් ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හා ජොර්දානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාල නිලධාරින්ට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස උපදෙස් දුන්නේය.
අදාළ ඇඟලුම් කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන් සේවකයන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ එහි කම්කරු සුභසාධන අංශය එක්ව එරට කම්කරු දෙපාර්තමේන්තු බලධාරින් සමග සාකච්ඡා කළ බවත් එහිදි අදාල බලධාරීන් මෙම ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට පිටත් කිරිම සඳහා ගුවන් ටිකට් පත් දිය හැකි බව ප්‍රකාශ කර ඇති බවත් සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ එහි කම්කරු සුභසාධන අංශය ඉන් සෑහීමට පත් නොවීම නිසා පසුව ඉන්දිය හා බංග්ලාදේශ යන රටවල් නියෝජනය කරන ජෝර්දානයේ සිටින තාතාපතිවරු සමග එක්වි එරට කම්කරු අමාත්‍යාංශ නිලධාරින්ගෙන් ගුවන් ටිකට් පත්වලට අමතරව මෙම සේවකන්ගේ හිඟ වැටුප් හා දීමනා සමග සමාජ රක්ෂණ අරමුදලෙන් වන්දි දෙන ලෙස ඉල්ලීමක් කළ බවද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම ශ්‍රමිකයින්ට හිමි හිඟ වැටුප්, දීමනා හා සමාජ ආරක්ෂණ වන්දි මුදල් ලබාගැනීම සඳහා ජෝර්දානයේ නීති උපදේශන ආයතනයක සහාය ගන්නා ලෙස කාර්යාංශ සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා තානාපති කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් දුන් බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජෝර්දාන ඇඟලුම් සේවිකාවන්ට අමාත්‍යංශයෙන් නීතිඥ සහාය
gamage Saturday, 13 January 2024 06:50 PM
ඔයගොල්ලන්ගේ බොරු කතාව විතරයි. මේ ගමන් ෆැක්ටරි මිනිස්සු මාස ගාණක් මෙහේ දුක් විඳිනවා මේ දවස්වල මේ හොඳටම සීතලයි. සෙල්සියස් අංශක පහ දෙක මේ උෂ්ණත්වය අඩුවෙලා තියෙන්නේ වතුර නෑ මිනිස්සුන්ට. කන්න නෑ මිනිස්සුන්ට. තානාපතිනිය කියලා නෝනා කෙනෙක් ඉන්නවා පැත්ත පළාතේ ආයේ නෑ. ඔක්කෝම ටෙලිෆෝන් වලින් විතරයි වැඩ කරන්නේ... මේ හැමෝම රැකියාවලට ඇවිල්ලා තියෙන්නේ නීත්‍යානුකූලව... එතකොට විදෙස් ඒවා ඒක මෙච්චර කල් මාස හතරක්වක් තවම සාකච්ඡා කරන්නේ? තානාපති නම් වැඩක්ම නෑ. අඩුම තරමේ මේ මිනිස්සුන්ට වතුර ටිකක් දෙන්නවත් තානාපති කාර්යාලේ මැදිහත් වෙන්න ඕනෑ මේ ගෑණු ළමයි ඉන්නේ. වතුර නැතුව ඉන්න බෑ මෙහේ...!