
(ඉන්දිකා රාමනායක)
නාවික හමුදා විසින් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ප්‍රධාන කර තිබු “ජයසාගර” නෞකාව වෙරළ ආරකෂා නෞකා “ජයසාගර” නමින් පසුගියදා අධිකාරියට පත් කර වෙරළ ආරක්ෂ නෞකා සමුහය වෙත එක් වු බව නාවික හමුදාව කියයි.
ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික ) කමල් ගුණරත්න මහතා අතින් පසුගියදා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
නාවික හමුදා නෞකා සමුහයේ තිබු සී ජී 61 නම් වු නෞකාව නාවික හමුදාව විසි්න් ඉකුත් ජනවාරි මස වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ප්‍රදානය කළ බව නාවික හමුදා කියයි.
එම සී ජී 61 නම් එම නෞකාව දශක 4 ක පුරා නාවික හමුදාව වෙත සුවිශේෂි මෙහෙවරක් ඉටුකර ඇති අතර, පසුව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාර දීමෙන් පසු මෙලෙස ජයසාගර නමින් අධිකාරියට පත් වු බව නාවික හමුදාව පවසයි.
අධිකාරියට පත් ජයසාගර නෞකාව දිගින් මීටර් 39.8 ද, පළලින් මීටර් 7 දිගින් යුක්ත වන අතර එහි ටොන් 313 ක පිරිමාවකින් යුත්ත වේ.
නිලධාරීන් 10 දෙනකු හා නාවිකයන් 68 දෙනකුගෙන් සමන්විත කාර්්‍ය මණ්ඩලයක් ඇතුළත් වෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd