(නිමල කොඩිතුවක්කු)
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම නිසා පොලි ආදායම නොලැබීමෙන් තමන් කබලෙන් ළිපට වැටී ඇතැයි එම පුරවැසියෝ සදහන් කරති.
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට කලින් සියයට 15 ක පොලී අනුපාතයක් ලැබුණු අතර මේ වන විට ලැබෙන්නේ සියයට 8 කටත් අඩු පොලි අනුපාතයක් බව ද ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කියති.
පොලි ආදායම අඩුවීම හේතුවෙන් තමන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට, එදිනෙදා කටයුතු කරගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද ඔවුහු පවසති.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම් තැන්පතුවලට කලින් ලබාදුන් සියයට 15ක වාර්ෂික පොලි අනුපාතය නැවත ලබාදෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සියලුදෙනාගේම ඡන්දත් එන්පීපී එකට අනිවාර්යයෙන්ම. මාලිමාවට ජයවේවා !!!
ජීවන වියදම අහස උසට නැග ඇති මේ වේලාවේ, බෙහෙත්, රෝහල් වියදම් ද ඉහල ගොස් ඇති නිසා මෙම 15% පොලිය නැවත ලබා දෙන්නේ නම් කෘතඥ වෙමු. රජයේ සේවකයීන් සියළු දෙනා ඔවුන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වර්ජනය කර හෝ යමක් ලබා ගනී. විශ්‍රමිකයින්ට (22% ක් අවුරුදු 60ට වැඩි බව කියති) කිසිත් නැත. සජබ, ජාජබද මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් රකියි..
ඔහොම තීරණ ගත්තු ශරීර ශක්තිමත් අපිට කිසිම අසනීපයක් නැත්නම් නාකි අයට බෙහෙත් මොකටද හිතනවා ඇති... ඒ ගමන්ම කියන්න ඕනෑ... කෝවිඩ් සඳහා ජනතාව බියවද්දා එන්නත් කරවූ විස නිසා බොහෝමයක් දෙනා නිතරම අසනීපයෙන් ඉන්නවා කියලා ඔය තීන්දු තීරණ ගත්තු හා එවැනි දේවල් යෝජනා කළ නිලධාරීන්ට ලොකු ලොකු උපාධි අනුව රැකියා ගත්තා කියලා ප්‍රායෝගික අත්දැකීම් නැහැ. ඒක තමයි ඔහොම තීරණ ගන්නේ... ඉතින් උන්දැලාට කියන්න කැමැතියි... නාකිත් තරිකිට තෙයි තොපිටත් ඔය ටික වෙයි කියලා... කොහොම වුණත් මහින්ද මහත්තයා 12% පොලියක් දෙන්න සැලසුම් කළාම ක්‍රියාත්මක වීමට පෙර ආණ්ඩු වෙනසින් පස්සේ රවි කරුණානායක ඇමැතිවරයා ඒක 15% කර ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ලොකුම උදව්වක් කළා... ඒත් රවි ඇමැතිවරයාගේ අගමැති මුදල් ඇමැති ලෙසට කරපු ගැන හරිම වේදනාවක් තමයි තියෙන්නේ..
මහබැන්කු අධිපතිගේ අවධානයට යොමුවේවා...! මහබැන්කුවට වැටුප් වැඩි කිරීමට තරම් රටේ මුදල් තත්වය යහපත්නම් මේ ඉල්ලීම සාධාරණ නොවේද?
15% පොලිය අහෝසි කළා.පැන්ෂන් එකට ටැක්ස්.ඊ.පී.එෆ් එකට ටැක්ස් .බැංකු පොලියට රැඳවුම් බද්ද
විශ්‍රාම වැටුප් නොලබන අර්ථ සාධකය පමණක් ලබා ගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අනාථයි. බැංකු පොලියෙන් කපාගන්නා 5% ආපසු ලබාගැනීම අති දුෂ්කරයි. මේ ගැන විශේෂ අවධානය කඩිනමින් යොමු කරන්න...
ඔබලාට ඔය සහන සැලසුවේ මහින්ද මහතා... ඒ බව අමතක කරන්න එපා. නැතිකලේ රනිල්... ඒ බව මතක තියා ගන්න... ඊළඟ ඡන්දේදී.