IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොලිය වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය 8.5% ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වී ඇත.

ඒ හේතුවෙන් බහුතරයක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන තිබේ. ඒ අනුව, අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10% ක් ලෙස අවුරුදු 2 ක කාලයක් සඳහා ලබා දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (16)

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොලිය වැඩි කරයි

Shaf Tuesday, 06 August 2024 11:03 AM

වැඩි වී ඇත්තේ කුමක්ද? එය කලින් 14% විය දැන් 10% .මොකක්ද වැඩි වෙලා තියෙන්නේ?

:       4       26

Daranagama Tuesday, 06 August 2024 11:07 AM

මෙය වාර්ෂිකව 15% පදනම මත නැවත ආරම්භ කළේ නම්, සියලුම ජ්යෙෂ්ඨයින් නිසැකවම H.E රඳවා ගැනීමට උත්සාහ කරනු ඇත.

:       1       18

Anura Bandara Tuesday, 06 August 2024 11:09 AM

15%ක් තිබුණ පොලිය 10% කළා කියන්නෙ අඩුකිරීමක්.මහ බැංකුවෙ අර්ථසාධක අරමුදලට ගෙවන පොලිය තමයි පොලිය.චන්දෙට මිනිස්සු රැවටීම දැන් කරන්න අමාරැ බව ආණ්ඩුව තේරැමි ගත යුතුයි.

:       2       29

Nilantha Tuesday, 06 August 2024 11:15 AM

රැවටෙන්න නම් එපෝ.... ඕවා ඡන්ද ගුණ්ඩූ.... මතක ඇතිනේ කැළනියේ නයා. මේකත් එහෙම තමයි

:       4       22

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 11:25 AM

ඕක දුන්න කියල වැඩක් නැහැ, 15% දීපු එක නතර කරල මිලියන දෙකක් තියෙනවනම් දැනට සාමාන්‍යයෙන් ලැබෙන වාසිය රු දෙදහසකටත් අඩුයි, බැංකු කලින් දීපු මුදල් බැංකුවලට ගෙවලත් නැති මහ බැංකුව, මේ කරන්නෙ වයසක ජනතාව රැවටීමක්, එම අයගෙ පොලියෙන් ගන්න 5% බද්ද අඩු කරන්න බැරි රජය, මේ කරන්නෙ නොකෙරෙන වැඩක්. චන්දෙ නම් ලැබෙන්නෙ නැහැ.

:       4       22

Achi Tuesday, 06 August 2024 11:34 AM

15% ත් 10% ත් අතර ප්‍රමාණයකින් අඩු වුනා ඔබ හිතන්නේ වැඩිවීමක් කියලද?

:       4       23

ravin Tuesday, 06 August 2024 11:49 AM

ඡන්ද ගන්ඩ කරන වැඩ

:       1       18

P. L. S. Kumara Tuesday, 06 August 2024 03:40 PM

ඕවා චන්ද ගුණ්ඩු. රැවටෙන්න එපා

:       0       10

රනේ Tuesday, 06 August 2024 05:08 PM

වයසට යනකොට අපි ගොන්නු... එතකොට මොලේ තියෙන්නේ රනිල්ට විතරයි... බලමුකෝ ඡන්දෙදී...!

:       0       0

Srinath Tuesday, 06 August 2024 10:18 PM

මේවට රැවටිලා ඡන්දෙ දෙන්නේ එක්කෝ මානසික ලෙඩ්ඩු, නැත්නම් 70 පැනපු මැන්ටල් උන්.

:       0       1

Sarath Wednesday, 07 August 2024 08:56 AM

ඔය බොරු වලට අපි අහුවෙන්නේනැහැ .ලෝකා සියලුම රටවල වැඩිහිටි අයට විශේෂ සැලකිලි තියෙනවා.ලංකාවේ ඔවුන් ගොන්නුන්ට අන්දලා.අපි ලොකු අත් දැකීම් තියෙන අය.

:       0       1

සරත් Wednesday, 07 August 2024 08:58 AM

අපි තම්බන්න බැහැ.

:       0       0

Sarath Wednesday, 07 August 2024 09:00 AM

ඕවට අපි තම්බන්න බැහැ.අපි අහුවෙන්නෙත් නැහැ .අපි ලෝකෙ අනිත් රටවල් ගැන හොදට දන්නවා.

:       1       1

වසන්තා Thursday, 08 August 2024 09:04 PM

10% ක් දෙවා කීවාට තවම බැංකුවලට දැනුම්දිම් කරලා නැහැ. මේකත් ඡන්ද ගුණ්ඩුවක් තමයි.. අද ලංකාවේ වැඩිහිටියන්ගෙන් බහුතරයක් රෝගීන් ඔවුන්ට මසකට බෙහෙත්වලටම සෑහෙන මුදලක් වැය වෙනවා. රෝහල්වල බෙහෙත් නැහැ. ඒවා පිටින් ගන්න වෙනවා. මේක රටේ පාලකයින්ට තේරෙන්නේ නැහැ. ඔවුන්ට අවුරුදු: 5 ක් මන්ත්‍රිකමේ හිටියොත් විශ්‍රාම වැටුප ලක්ෂ පහයි... රට සූරකාපු කෙනාට එහෙමයි... අසරණ පුරවැසියාට මෙහෙමයි....!

:       0       0

SarathSaturday, 10 August 2024 09:19 AM

පොලිය වැඩිවිය යුතුයි...

:       0       0

Jmw bandara Tuesday, 17 December 2024 11:31 AM

වැඩිහිටි ගිණුම අවුරුදු 55 සිට 60 දක්වා වැඩි කරන්න. ⁣ 5% වැට් බද්ද කපා හරින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site