
(යොහාන් භාසුර)
ටවර් හෝල් රඟහල පදනම ක්‍රියාත්මක කරන විශ්‍රාමික කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන යටතේ කලාකරුවන්ට අලුත් අවුරුදු තිළිණ ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් මෙම තිළිණ ප්‍රදානය කෙරිණි.
ඒ අනුව කලාකරුවන් 20 දෙනෙකු ඇතුළත් කර ගැනීමත්, දැනට මාසිකව රුපියල් 7,500ක විශ්‍රාමික ජීවනාධාරය ලබන කලාකරුවන් 102 දෙනා ද ඇතුළුව සමස්ත කලාකරුවන් 122 දෙනා සඳහා අප්‍රේල් මස සිට රුපියල් 7,500ක දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩිකර දීම සහ අලුතින් බඳවා ගත් කලාකරුවන් සඳහා පත්වීම් ලිපි ද මෙහිදී පිරිනැමීය.
ජීවනාධාර හිමි කලාකරුවන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලේකම් සෝමරත්න විදානපතිරණ, අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බකරන මුදල් වලින් කාලා බීලා ජොලි කරලා, අවසානයේ ආණ්ඩුවෙන් හිඟා කනවා... දේශ පාලුවන් හිනා වෙවී, පිනට දුන්නට, මේවා මහජනතාවගේ බදු මුදල්...දේශපාලකයින්ට ගැති කම් කරන ලංකාවේ නලා කාරයින්ව මට නම් අප්‍රසන්නයි...ඇස් දෙක පියා ගනිද්දී, දේශපාලකයින්ව මැවිලා පෙනෙන නිලියෝනේ ලංකාවේ ඉන්නේ... චිහ්!!
කුහක පද්දානි සහ එම කමෙන්ටුව අනුමත කරන නිකං ජොලිකරන පුරවැසියො වෙත. කාලා බීලා ජොලි කලේ කලාකරුවන් නොව, ඔබලා වැනි සමාජයට කිසි වැදගත් වැඩක් නොකළවුන්ය. කලාකරුවන්ගේ කෘතීන් රසවිදින්නියක් හැටියට, කෘතීන් රස විඳින හැම අවස්ථාවකම, කලාකරුවාට කෘතභාග බද්ද ගෙව්වා නම්, කලාකරුවන් අසරණ වන්නේ නැත.