
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කීපදෙනෙක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (27) හමුවූහ.
කොළඹ සංචාරක අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, ජාතික තේරීම් කමිටු සභාපති උපුල් තරංග, එක්දින සහ විස්සයි20 යන කණ්ඩායම්වල නායකයන් වන කුසල් මෙන්ඩිස් සහ වනිදු හසරංග ද මෙම හමුවට සහභාගි වූහ.
නවීන තරඟ රටාවන්ට ගැලපෙන පරිදි මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ව හැඩගැන්වීම,නව මාදිලියේ පුහුණු ක්‍රමවේද සහ මානසික ඒකාග්‍රතාවයන් පිළිබඳව සහ දක්ෂතා ප්‍රවර්ධනය කර ගනිමින් ඉදිරි තරඟ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම,වැනි සුවිශේෂී කරුණු රැසක් එහිදී සාකච්ඡා කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියට නොතේරුණාට මේ ක්‍රීඩා ඇමැතිතුමා යටතේ මේ දක්වා කරපු දේවල් සාර්ථකයි, අලුත් තේරීම් කමිටුව නව ක්‍රමවේද වලට ක්‍රීඩකයින් තෝරන්නේ, ක්‍රිකට් තහනම ඉවත් කර ගත්තා, ලංකාව ටීම් එක හොඳ තැනක ඉන්නවා දක්ෂතා අතින් බොරු කියවිල්ල නැතුව හැමෝටම බැන බැන ඉන්නේ නැතුව වැඩ පෙන්නන ඇමැතිවරයෙක් කියලා කියන්න පුළුවන්...
මෙයාලාටත් ප්‍රශ්න තියෙනවාද?
මේ ගොල්ලෝ මුහුණදෙන ලොකුම ගැටළුව තමයි ඉන්දියානු වේගපන්දු යවන්නන්...!
ඒ ගොල්ලන් මුහුණදෙන ගැටළු - ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ කණ්ඩායම් එක්ක ගහනකොට, හෙසල්වුඩ්, ස්ටාර්ක්, බුම්රා වගේ පන්දු යවන්නන් මහා නරක විධියට පන්දු යවන එක. උඩ පන්දු හරිම අමාරු ඒවමනේ එන්නෙත්.
මේ වගේ අපතයෙක් හමු වෙනවට වැඩිය හොඳයි ගෙදරට වෙලා ඉන්න එක
ඇමැතිලට කඩේ යන එකනම් එච්චර හොඳ වැඩක් නෙවෙයි.