IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජයන්ත බලවර්ධන ඌව වෙල්ලස්ස කුලපති

(අංජුල මහික වීරරත්න)

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

ඔක්තෝබර් 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි  පත්කිරීම ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජයන්ත බලවර්ධන මහතා පිළිකා රෝග සම්බන්ධයෙන් මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක් වන අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ විධායක අධ්‍යක්ෂවරයා ද වේ.



අදහස් (11)

ජයන්ත බලවර්ධන ඌව වෙල්ලස්ස කුලපති

චන්දන Friday, 08 September 2023 12:47 AM

උසස් මානුෂික ගුණාංග වලින් පිරුණු උතුම් වෛද්‍ය විශේෂඥයෙක්. සති අන්තවල එතුමාගේ උපන්ගම වන බදුල්ලට කොළඔ සිට පැමිණ නොමිලේ පිළිකා සායන පැවැත්වුවා. තෙරුවන් සරණයි...!

:       0       5

විශ්වනාත් Friday, 08 September 2023 12:52 AM

මිනිස් වෙසින් සිටින දෙවි කෙනෙක්...!

:       0       5

විමංස Friday, 08 September 2023 01:01 AM

ලංකාවේ සිටින කීර්තිමත්ම වෛද්‍යවරයෙක්. සුබ පැතුම්…!

:       0       4

ශාමලී Friday, 08 September 2023 01:05 AM

මහරගම පිළිකා රෝහලේ ලෙඩ්ඩුන්ට අප්‍රමාණ මෛත්‍රියකින් වෙදකම් කළ විශේෂඥ වෛද්‍යතුමෙක්..!

:       0       4

චින්තක Friday, 08 September 2023 01:09 AM

සුදුස්සෙක්ට සුදුසු තැනක් පමාවී හෝ ලැබී ඇත. ජයවේවා!

:       0       4

Jn Friday, 08 September 2023 11:29 AM

බොහොම පෞර්ෂවත් වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක් . කැම්පස් කාලෙ හම්බවුනු ප්‍රියතම චරිත වලින් කෙනෙක්. ඔබතුමාට සුබපැතුම්. බොහොම සන්තෝසයි.

:       0       4

සමන්ති Friday, 08 September 2023 12:04 PM

හොද මිනිසුන් වදව යන ලංකාවේ සිටින උතුම් මිනිසෙක්…. තනතුරු ඔබට තවදුරටත් ආභරණයක් නොවේ. ඔබ ලක්ෂ ගනනකගේ මිය යන දිනය දීර්ඝ කර ඇති කෙනෙක්. තෙරුවන් සරනයි!

:       0       4

Chandana Friday, 08 September 2023 12:35 PM

ඉතා හොඳ නිහතමානී මහත්මයෙක්... අපේ රටේ ජනාධිපති කෙනෙක් නිවැරැදි පත්කිරීමක් කළාමද කොහේද?

:       0       3

නිෂාම් ෆයිසාල් Friday, 08 September 2023 12:50 PM

මගේ ගම වන බදුල්ලෙන් රටට දායාද කළ මිණි පහනක්…

:       0       4

ඊලියන් Friday, 08 September 2023 12:51 PM

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවකයෙක්. ඔබට ජය..!

:       0       3

නිල්මිනි Friday, 08 September 2023 01:01 PM

මෙතුමා මහරගම රෝහලේ සිටින කාලේ ලෙඩ්ඩුන්ට මෙන්ම සේවකයින්ටත් බොහෝ කරුණාබරිතව කටයුතු කළා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site