(අංජුල මහික වීරරත්න)
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.
ඔක්තෝබර් 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පත්කිරීම ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජයන්ත බලවර්ධන මහතා පිළිකා රෝග සම්බන්ධයෙන් මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක් වන අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ විධායක අධ්‍යක්ෂවරයා ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් මානුෂික ගුණාංග වලින් පිරුණු උතුම් වෛද්‍ය විශේෂඥයෙක්. සති අන්තවල එතුමාගේ උපන්ගම වන බදුල්ලට කොළඔ සිට පැමිණ නොමිලේ පිළිකා සායන පැවැත්වුවා. තෙරුවන් සරණයි...!
මිනිස් වෙසින් සිටින දෙවි කෙනෙක්...!
ලංකාවේ සිටින කීර්තිමත්ම වෛද්‍යවරයෙක්. සුබ පැතුම්…!
මහරගම පිළිකා රෝහලේ ලෙඩ්ඩුන්ට අප්‍රමාණ මෛත්‍රියකින් වෙදකම් කළ විශේෂඥ වෛද්‍යතුමෙක්..!
සුදුස්සෙක්ට සුදුසු තැනක් පමාවී හෝ ලැබී ඇත. ජයවේවා!
බොහොම පෞර්ෂවත් වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක් . කැම්පස් කාලෙ හම්බවුනු ප්‍රියතම චරිත වලින් කෙනෙක්. ඔබතුමාට සුබපැතුම්. බොහොම සන්තෝසයි.
හොද මිනිසුන් වදව යන ලංකාවේ සිටින උතුම් මිනිසෙක්…. තනතුරු ඔබට තවදුරටත් ආභරණයක් නොවේ. ඔබ ලක්ෂ ගනනකගේ මිය යන දිනය දීර්ඝ කර ඇති කෙනෙක්. තෙරුවන් සරනයි!
ඉතා හොඳ නිහතමානී මහත්මයෙක්... අපේ රටේ ජනාධිපති කෙනෙක් නිවැරැදි පත්කිරීමක් කළාමද කොහේද?
මගේ ගම වන බදුල්ලෙන් රටට දායාද කළ මිණි පහනක්…
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවකයෙක්. ඔබට ජය..!
මෙතුමා මහරගම රෝහලේ සිටින කාලේ ලෙඩ්ඩුන්ට මෙන්ම සේවකයින්ටත් බොහෝ කරුණාබරිතව කටයුතු කළා.