
(කේ.බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ සිසුවකුට පහර දුන් සිසුන්ගේ පන්ති තහනම් කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඊ මහාචාර්ය පද්මලාල් එම් මානගේ මහතා පවසයි.
සැකකාර සිසුන්ට විශ්ව විද්‍යාල භූමියට ඇතුල් වීම ද තහනම් කර ඇත.
පහරදුන් සිසුන්ගේ තොරතුරු හෝමාගම පොලිසියට ලබා දුන් බවත් එම සිසුන්ට එරෙහිව සිවිල් නීතිය යටතේ කටයුතු කරන ලෙස උපකුලපතිවරයා පොලිසිය දැනුවත් කර ඇත.
පහර කෑමට ලක්වූ සිසුවා විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ සිසුවකු බවත් විශ්ව විද්‍යාලය තුළ නවකවදයට විරුද්ධව කටයුතු කිරීම සහ කාඩ් පතක් නොමැතිව විශ්ව විද්‍යාලය තුළ සවස හයෙන් පසු රැඳී සිටීම යන කරුණු මත අදාළ සිසුවා නවාතැන් ගෙන සිටි හෝමාගම පිටිපන නිවසට ගොස් විශ්වවිද්‍යාල සිසුන් විසි දෙනෙකු පමණ මෙලෙස තමන්ට පහර දුන් බව පහර කෑමට ලක් වූ සිසුවා හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පංති තහනම විතරක් නොවෙයි ශිෂ්‍යභාවය අහෝසිකිරීමට කටයුතු කලොත් අනාගතයේවත් ඔවැනි අසමජ්ජාති වැඩ නොකරාවි
අහිංසක දෙමාපියන් ගේ බලාපොරොත්තු නැති කරන කාලකන්නි ළමයි
මීට වඩා යමක් කළ යුතුයි. විශ්ව විද්‍යාල තුළ නවක වදය හෝ ඊට සමාන හිරිහැර නවතින්න නීති සම්පාදනය කළ යුතුයි.