IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජපුර සරසවි සිසුවාගේ සිරුර නේවාසිකාගාරයේ එල්ලෙයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ  තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි  සිසුවෙකුගේ සිරුර සිය නේවාසිකාගාරය තුළ දී එල්ලෙමින් තිබියදී අද (16) සොයාගත් බව මහරගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය කයිට්ස් , නාරාතනායි උතුර හි පදිංචි විග්නේෂ්වරන් අබිනෙජන් (23) හැවිරිදි සිසුවෙකු බව පොලිසිය කියයි .

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය බොරලැස්ගමුව කටුවාවල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගෙන තිබූ ශිෂ්‍ය නේවාසිකාගාරයේ බිම් මහලේ මෙම සිසුවාගේ සිරුර එල්ලෙමින් තිබී ඇත.

මේ බව නේවාසිකාගාරයේ ඉහළ මාලයේ නිදා සිටි සිසුවකු අද (16) අලුයම 4.30 පමණ අවදි වී පහළ මාලයට එමින් සිටියදී මේ බව දැක කෑ ගැසීමත් සමග අනෙක් සිසුන්ට ද ඇසී පැමිණ  පණ ඇති බව සිතා  සිරුර එල්ලෙමින්  තිබූ ලණුව කපා තිබේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී එහි නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට මහරගම  හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු එච්.එම්.ඩග්ලස් රූපසිරි මහතා පැමිණ ස්ථාන පරීක්ෂණයක් සිදු කරන ලදී.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතව තිබුණි.

මෘත දේහය  පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතය .

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර  මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චේලක  රාජපක්ෂ මහතාගේ උපදෙස් මත  පරීක්ෂණ පවත්වති.



අදහස් (1)

ජපුර සරසවි සිසුවාගේ සිරුර නේවාසිකාගාරයේ එල්ලෙයි

Sampath Friday, 16 June 2023 01:56 PM

සරසවි දරුවන්ට ආර්ථික, සමාජීය වගේම දැඩි විභාග පීඩනයක් තියෙනවා... මේ අයට කවුන්සෙලින් හරියාකාරව වෙන්නෙත් නෑ. හරිම අවාසනාවන්ත තත්වයක්..

:       3       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site