(අංජුල මහික වීරරත්න)
ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ජපාන රජය විසින් ලබාදෙන ප්‍රදානයන් ලබාගැනීමට සහ ඊට අදාළ ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වල ධීවරයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා මුහුදු නිෂ්පාදන වල ඉහළ අගය එකතු කිරීමක් තහවුරු කිරීම පිණිස ශීතාගාර පහසුකම් සංවර්ධනය කිරීමත් නවීන විද්‍යුත් උපකරණ වලින් ධීවර ක්ෂේත්‍රය සවිබල ගැන්වීමත් අරමුණු කරගනිමින් ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන දෙසීයක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජයේ එකඟතාවය පළ කොට ඇතැයි රජය පවසයි.
එම ප්‍රදාන යටතේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහා අයිස් නිෂ්පාදන යන්ත්‍ර, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා ඩිජිටල් කිරුම් තරාදි,ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සඳහා ධීවර දැල්, ශ්‍රී ලංකා ධීවර සංස්ථාව සඳහා පෙර සැකසූ ශීතකරණ/ අධිශීතකරණ සහ අධි ශීතකරණ සහිත ට්‍රක් රට සපයා ගැනීමට අපේක්ෂා කරන බව රජය සඳහන් කරයි.
එකී ප්‍රදානයන් ලබාගැනීමටත් ඊට අදාළ ගිවිසුම් වලට එළඹීමටත් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපානයෙන් ලංකා ධීවරයන්ට ලොකු තෑග්ගක්